නිල් මුහුදත්, කළු වෙරළත්, කහ ගඟත්, කොළ භූමියත් එකට හමුවන තැන.
Travel කරන්න ආස වුණත් යන බැරි තැන් තියෙනනේ. ඉතින් ඒ වගේම පෙන්නන්න යන්නේ අයිස්ලන්තයේ දකින්න ලැබෙන ලස්සන සුන්දර වෙරළ තීරයක්.
🌍 මෙය දකුණු අයිස්ලන්තයේ Skaftafell සහ Hof අතර ප්‍රදේශයක්.
🌍 අයිස්ලන්තයට The Land of Ice and Fire කියන්නේ නිමකට නෙවෙයි. ඒකට ලොකු හේතුවක් තියෙනවා.ඒ, අයිස්ලන්තය හැදිලා තියෙන්නේ ගිනිකඳු විදාරණය වීමෙන් ඇති වුණු විපර්යාසවලින්. අයිස්ලන්තයේ ගිනිකඳු 200 කට ආසන්න ගාණක් තියෙනවා.ඒ වගේම අයිස්ලන්තයේ ග්ලැසියර් තියෙනවා.
🌍 විශේෂත්වය වෙන්නේ මේ භූගෝලීයව අන්ත දෙකක තියෙන ගිනිකඳු සහ ග්ලැසියර් දෙකම අයිස්ලන්තයේ එකිනෙකා ආසන්නවම තිබීම.
🌍 ඒ නිසාම අයිස්ලන්තය ආශ්‍රිතව ලස්සන landscape එනම්, ලස්සන භූ දර්ශන තියෙනවා. මේ ඒවායින් විශේෂම එක.
🌍 මුලින්ම නිල් පාටට තියෙන්නේ අත්ලාන්තික් සාගරය.
🌍 ඊළඟට තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ "කළු වැලි වෙරළ" (Black Sand Beach). එය නිර්මාණය වෙලා තියෙන්නේ, ගිනිකඳුවලින් ආපු ලාවා සහ අළු අවුරුදු මිලියන ගාණක විපර්යාසයන්ට ලක් වෙමින් තමයි මේ කළු වැලි වලින්.
🌍 ඊට පස්සේ පෙන්න තියෙන්නේ අයිස්ලන්තයේ ලොකු සංචාරක ආකර්ෂණයක් තියෙන "කහ ගඟ" (Yellow River). කාලයක් තිස්සේ තැන්පත් වුණු සල්ෆර් නිසා තමයි ගඟ කහ පාට වෙලා තියෙන්නේ. එතකොට ගඟට වතුර එන්නේ ආසන්නයේම තියෙන ග්ලැසියර් එකෙන්.
🌍 ඒකෙනේ පස්සේ ටිකක් ඈතින් දකින්න ලැබෙන්නේ කොළ පැහැති භූමිය.ගිනිකඳු සහ ග්ලැසියර් නිසාම ලොකු සරුබවක් මේ භූමියේ නැහැ. වැඩිපුරම තියෙන්නේ අයිස්ලන්තයටම ආවේණික පාසි විශේෂයක්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |