බස් රථයක් සහ දුම්රියක් මුහුණට මුහුණ ගැටෙයි..06ක් මරුට..දුම්රිය රියදුරුට බරපතලයි.(PHOTOS)

Train Crash Accident Death World
By Aruna Jun 28, 2024 02:02 AM GMT
Report

මගී බස් රියක් සහ මගී දුම්රියක් ගැටී සිදුවුණු අනතුරකින් හය දෙනෙකු ස්ලොවේකියාවේ, ජීවිතක්ෂයට පත්ව තිබෙන පුවතක් වාර්තා වනවා.

දුම්රියේ ගැටුණු බස් රථය පොඩි පටට්ම් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. මියගිය හය දෙනාම බස් රියේ සිටි මගීන් වන අතර, බස්රියේ රියදුරු සහ දුම්රිය රියදුරු බරපතල තුවාල ලැබූ අතර දුම්රිය රියදුරුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඊට අමතරව තුවාල තුවාල ලැබූවන් ගණන 5 කි. බස් රියේ හැපුණු දුම්රිය ඇන්ජිම ගිනි ගත් අතර, රියදුරු ගින්නට හසුවී පිළිස්සුම් තුවාල ලැබූ බවයි වෛද්‍ය ආධාරකරුවෝ පවසන්නේ.

දුම්රිය ධාවනය වෙද්දී බස් රිය දුම්රිය හරස් මාර්ගයක් පසු කරද්දී එය දුම්රියේ ගැටී තිබේ.

හරස් මාර්ගයේ ගේට්ටු වැසී නොතිබුණු බවත්, අනතුරු සංඥා පද්ධතිය එම අවස්ථාවේදී බිඳ වැටී තිබුණු බවත් ඒ, ඊට පෙර දිග එම ප්‍රදේශයට බලපෑ කුණාටුවක් හේතුවෙන් බවයි පැවසෙන්නේ.

ස්ලොවේකියාව යනු යුරෝපා රටක් වන අතර, අනතුර සිදුවූයේ බ්‍රැටිස්ලාවා අගනුවර සිට කිලෝ මීටර් 80 ක් දුරින් නෝවා සැම්කී නගරය අසලදී බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවෙද්දී දුම්රියේ සිටි මගීන් ගණන 200 ක්.

‘යූරෝසිටී 279’ නමැති මෙම දුම්රිය බ්‍රැටිස්ලාවා අගනුවර පසු කරමින් දේශසීමා හරහා හංගේරියාවේ බුඩපාස්ට් අගනුවර තෙක් ධාවනය වෙමින් තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

GalleryGalleryGalleryGallery