ඉන්ධන බෙදාහැරීමේ සයිනොපෙක් ගිවිසුමට අත්සන් තබයි..!ඉන්ධන අලෙවිසැල් 150ක් එක්වෙයි..

Sri Lanka Minister of Energy and Power Kanchana Wijesekera
By Sewvandhi Jul 14, 2023 09:44 AM GMT
Report

අද (14) ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම සඳහාවූ ගිවිසුමට සයිනොපෙක් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අත්සන් තබා තිබේ.

මෙහිදී සයිනොපෙක් විසින් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය ඇතුළත් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 100ක් ආයෝජනය කර ඇත.

අදාල ව්‍යාපෘතිය සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ඉන්ධන අලෙවිසැල් 150ක් සම්බන්ධ වෙයි. මීට අමතරව නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපිත කෙරේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ අංක 17 ප්‍රකාරව සයිනොපෙක් එනර්ජි ලංකා (Sinopec Energy Lanka) ආයතනයේ අධීක්‍ෂණය යටතේ වසර 20ක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගිවිසුම මගින් ඉඩ ලබාදී තිබේ.

සයිනොපෙක් විසින් ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල්, 500 PPM ඩීසල් ඇතුළු විවිධ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවි කරනු ලබයි.