සිනොපෙක්හි 02 වන ඉන්ධන තොගය මුදාහැරීම අද..ඉන්ධන මිලත් අඩු කරයි ද?.

Fuel Price In Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis Fuel Price In World
By Aruna Aug 02, 2023 12:46 AM GMT
Report

සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් මඟින් ඊයේ දැනුම් දෙනු ලැබුවා.

එසේම එහි 2 වන ඉන්ධන තොගය අද (02) පැමිණෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු සිනොපෙක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරන බවද අමාත්‍යවරයා දැනුම් දී ඇත.

මෙලෙස වෙළඳ පොළට නව තරඟකරුවෙක් පැමිණීම නිසා ඉන්ධ මිල ගණන් පහල යනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.