මීට කලින් කාලා තියෙනවද? දකුණට ආවේණික සුපිරි කෑමක්.

Sri Lanka Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Jun 26, 2022 10:37 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මේකට කියන්නේ සීනී වඩිච්චි කියලා. දකුණට ආවේණික ජනප්‍රිය සුපිරි කෑමක් තමයි ඉතින්. ඔයාටත් පුළුවන් මේ විදිහට කුරුම්බා ගෙඩියකින් හදාගන්න. වැඩි වියදමක් නැහැ.

අවශ්‍ය ද්‍රව්‍ය

? කුරුම්බා ගෙඩියක්,

? සීනී (ඔබේ රස පදමට)

? හුලං විස්කෝතු ටිකක්

? නෙක්ටෝ හෝ කොමඩු ජූස් ටිකක්

? ( කැමති නම් හබල පෙති ටිකක් දාගන්නත් පුළුවන්. ඒකත් රසයි) 

සාදාගන්න ආකාරය

? කුරුම්බා ගෙඩියේ කට ගැඹුරට කපලා වතුර ටික වෙනම, ලොඳ ටික වෙනම භාජනයකට අයින් කරන්න.

? දැන් කුරුම්බා ගෙඩිය ඇතුලට මුලින්ම කුරුම්බා වතුර ඊට පස්සේ ලොඳ ටික එකතු කරන්න.

? ඊටම සීනී, හුළං විස්කෝතු, ( කැමති නම් හබල පෙති) සහ නෙක්ටෝ හෝ කොමඩු ජූස් ටිකත් එකතු කරලා පැය භාගයක් වසා තබන්න.

? පැය භාගයකට පස්සේ කුරුම්බා ගෙඩියේ තියෙද්දිම හැන්දකින් රස බලන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW


GalleryGallery