බදුලු කෝච්චියේ යන අයට හූ කියැවෙන " සිංගිමලේ උමඟ".

Sri Lanka
By Wayomi Sep 21, 2022 11:10 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

බදුලු කෝච්චියේ යන අයට හු කියවෙන සිංගිමලේ උමඟ ගැනයි මේ කියන්න යන්නේ මේක දෙවෙනි වෙන්නේ, මෑතකදී ඉදිකළ බෙලිඅත්ත දුම්රිය උමඟට පමණයි.

🚇 මෙම සිංගිමලේ උමඟ මීටර් 559 ක දිගකින් යුතු වන අතර පළල මීටර 5.5ක්.

🚇 මෙය නිර්මාණය වුණේ යටත් විජිත අධිරාජ්‍යවාදී සමයේයි.

🚇 ඉංග්‍රීසින් මේ උඩරට දුම්රිය මාර්ගය තැනුවේ උඩරටින් ලබාගත් තම වෙළෙඳ භාණ්ඩ පහසුවෙන් කොළඹ වරාය වෙත ගෙන යන්න.

🚇 උඩරට දුම්රිය මාර්ගයේ හැටන්- කොටගල අතර තමයි මේ සිංගිමලේ දුම්රිය උමඟ පිහිටලා තියෙන්නේ.

🚇 සිංහමලේ කදු පාමුල වූ පර්වත කඩා මෙම උමඟ ඉංග්‍රීසින් විසින් ඉදිකර තිබෙනවා.

🚇 එහි මධ්‍යය වක්‍රාකාරව ඉදිකර ඇති නිසා උමගෙහි එක් කෙළවරක සිට අනෙක් කෙළවර එක එල්ලේ දකින්න ලැබෙන්නේ නැහැ.

🚇 මෙම උමග සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පළමු දුම්රිය අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රීමත් ගිල්ෆර්ඩ් ලින්ඩ්සේ මොලෙස්වර්ත් විසින් වන අතර (1865-1871) එය ඉදිකරන ඇත්තේ එෆ්. ඩබ්. ෆාවියෙල් විසින්.

🚇 1880 දී පිහිටුවන ලද පූල්බෑන්ක් තේ වතුයාය යටින් දිවෙන බැවින් මෙම උමගට පූල්බෑන්ක් උමග ලෙස නම් කරන ලදී.

🚇 පසුකාලිනව සිංහමලේ කන්ද හරහා යන නිසා සිංහමලේ එහෙමත් නැත්නම් සිංගිමලේ කියන නම වැටී තිබෙනවා.

🚇 ඒ නම වැටුනේ දමිල භාෂාවෙන් සිංහයාට - සිංගම්, කන්දට- මලයි ඒ අයුරින් තමා සිංහමලේ නම වැටුනේ

🚇 වර්තමානය වන විට ලංකාවේ දිගම දුම්රිය උමඟ පිහිටා ඇත්තේ මාතර ‍- බෙලිඅත්ත දුම්රිය මාර්ගය වන අතර නාකුට්ටිගම ප්‍රදේශයේ සිට කැකණදුර දුම්රියපල ආසන්නය දක්වා පිහිටි එම උම‍ඟෙහි දිග ප්‍රමාණය මීටර් 615ක්. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW