සිංගප්පූරුවෙන් ලංකාවේ විශේෂ පිරිසක් වෙත පරිත්‍යාගයක්..

Sri Lanka
By krishani Oct 05, 2022 03:49 AM GMT
Report

සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල පිහිටි පිරිවෙන් සඳහා ආධාර බෙදාදීම ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (04) සිදු විය.

සිංගප්පූරුවේ සිටින පරිත්‍යාගශීලීන්ගේ අධාර උපකාර මත ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය අධ්‍යාපන උපකරණ මෙහි දී භාරදීම සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join