නිර්මාංශ විමෙන් බෞද්ධයන්ට පාපයක් සිදු නොවේද ..?
මේ කාලයේ බොහෝ දෙනෙක්ට ඇතිවී තිබෙන ප්‍රශ්නයක් තමයි. මස් මාංශ අහාරයට ගැනීම බෞද්ධයන්ට සුදුසුද යන මාතෘකාව පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරයි. මේ ලිපියේ පරමාර්ථය මස් මාංශ අහාරයට ගැනීමෙන් වැලැක්වීමට හෝ ඒ සඳහා පෙළඹවීමට අනුබල දීමක් නොවන අතර , අද බොහෝ දෙනෙකුන් මහා ප්‍රශ්නයක් කරගෙන තියෙන මෙම මාතෘකාව පිළිබඳව සරලව මෙන්ම ධර්මානුකුලව විමසා බැලීමක් පමණි.
මස් මාංශ අහාරයට ගැනීම බෞද්ධයන්ට සුදුසුද යන සැකය ඇතිවීමට මුලික හේතු වෙලා තියෙන්නේ මස් මාංශ අහාරයට ගැනීම නිසා ප්‍රාණඝාත අකුසලය සිදුවීම හෝ එයට අනුබල දීමක් සිදුවීම මේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි විස්තරයන් මහා සිහනාද සුත්‍රය, ආමගන්ධ සුත්‍රය, ජිවක සුත්‍රය ආදිය පරිශිලයන කිරීමෙන් ලබාගත හැකිවන අතර විනය පිටකයට අයිති වන මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධ වග්ගය ද මේ සම්බන්ධයෙන් ඉතා වටිනා කරුණු ගෙනහැර දක්වනවා. නමුත් මෙම ලිපියෙන් ඉහත සඳහන් දේශනා මුළුමනින්ම ගෙනහැර දැක්වීමක් නොකරන අතර, අවැසි කෙනෙකුන් හට එම ග්රන්ථයන් පරිශීලනය කර කරුණු දැනගත හැක.
මස් මාංශ ආහාරයට ගැනීම නිසා ප්‍රාණඝාතයට අනුබල දීමක් සිදුවේද? මේ ගැන දැනගැනීම සඳහා ප්‍රාණඝාත අකුසලය සිදුවෙන ආකාරය ගැන පැහැදිලි දැනීමක් ඇති කරගත යුතුය. කිසියම් සත්වයකුගේ ජීවිතය, යම් කෙනෙකුගේ උපායක් මගින් අවසන් කිරීම ප්‍රාණඝාත වෙයි, පර පණ නැසීම යනුවෙන්ද මෙය හඳුන්වා ඇත. මෙලෙස ප්‍රාණඝාත අකුසලය සිදුවීමට නම් කරුණු කාරනා පහක් (5) සම්පුර්ණ වෙන්න ඕන.
1. පණ ඇති සතෙකු වීම
2. පණ ඇති සතෙකු බව දැනීම
3. මරන්නට කැමති සිත
4. මරන්නට උපායක් සැකසීම
5. ඒ උපක්‍රමය නිසා මරණයට පත්වීම.
මෙම අංග පහ සම්පුර්ණ උනේ නැතිනම් ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ නැහැ. මේ ගැන උදාහරණ ඔබ බොහෝ අසා ඇතිවාට සැක නැහැ. ගමන් බිමන් යාමේදී පෑගී මැරෙන සතුන් නිසා ප්‍රාණඝාත අකුසලය සිදුනොවේ. නමුත් යම් අයෙකු ගමන් කිරීමේදී මගේ පයට පෑගී සතුන් මැරේවා යන අදහසක් ඇතිකරගත හොත් පයට පෑගී මැරෙන සතුන් ගන්නට ප්‍රාණඝාත අකුසලය සිදුවේ.
කොහොම වුණත් සත්ව හිංසාවත්, සත්ව ඝාතනයත් නැවතිලා මස් අනුභවය නිසා සෑදෙන සමහරක් රෝගවලිනුත් තොරවෙලා, සමාජයේ මෛත්‍රී කරුණාව නිරෝගීභාවය පිරී ඉතිරී ගියොත් එය මොන තරම් සුන්දර දෙයක්ද?
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |