බැංකු පොතට විතරක් දාලා සල්ලි ඉතිරි කරන්න පුළුවන්ද?
සල්ලි කියන්නේ දෙයියන්ගේ මල්ලි කියලයි කියමනට කියන්නේ. කොච්චර හම්බකලත් ඉතිරියක් නැහැ කියලා තමයි ගොඩක් අය මැසිවිලි නගන්නේ. ඒක හොඳටම බලපානේ අමාරු කාල වලදී කන්න බොන්නවත් අතේ සතයක්වත් නැති වෙනකොට.
ඉස්සර ගෙදරදී කාලා බිලා ඉන්න කාලේ මතකද, කොච්චර නෑ නෑ කිවුවත් අත්‍යවශ්‍යම දේකදී කොයි ලෝකෙන් හරි අම්මා සල්ලි හොයලා දුන්නා. ගෙදර ඉන්නේ 5 දෙනයිද? ඒ හැමෝටම එක සමානව අම්මා වියදම් කරපු හැටි. ගෙදරද වියදම් බැලන්ස් කරපු හැටි. ඒත් ඔබ රැකියාවක් කරද්දී ඔබට ඉතිරි කරගන්න අමාරුයිනේ. ඒකට හේතුව තමයි සල්ලි ඉතිරි කරන්න කිසිම manage එකක්, plan එකක් නැති එක. හිතුනු හිතුනු පලියට සල්ලිකාරයා වගේ ඔහේ වියදම් කරන එක.
බැංකු පොතට විතරක් දාපු පලියට සල්ලි ඉතිරි කරන්න අමාරුයි. ඒ නිසා ඒකට පුංචි සරළ විසඳුම් ටිකක් කියලා දෙන්නම්.
පළමු ක්‍රමය
💰 මුලින්ම ඔබේ සැලරි එක පුංචි කොටස් වලට බෙදාගන්න. 50% 30% 20%.
💰 මේකට කැට 3ක් හෝ බැංකු ගිණුම් 3ක් හදාගන්න.
💰 මාසේ බිල්, කෑම, වගේ අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් 50% එකතු කරන්න.
💰 ගමන් බිමන්, අමතර කෑම, එන්ජෝයි කරන දේවල් 30% වෙන් කරන්න.
💰 20% ආයෝජන සහ ඉතුරුම් වෙනුවෙන් වෙන් කරන්න. එමෙන්ම එම මුදලින් ඔබට පුළුවන් ඉඩමක්, කුඹුරක්, රන් ආභරණ වගේ දේවල් මිලදීගෙන තියාගන්න.
දෙවන ක්‍රමය
💰 මීට අමතරව ඔබට පුළුවන් හැම දවසකම හෝ වියදමක් අවසානයේ ඉතිරි ගානෙන් කොටසක් ඉතිරි කරන්න පුළුවන්.
💰 හරියටම කියනවා නම් ඔබ හිතන්න ඔබ කඩේට ගිහින් ආවා, නැත්නම් දිනපතා එළියට යන කෙනෙක් නම් ඔබ එළියට යද්දී රු. 5000ක් හෝ 1000ක් අරන් යනවා.
💰 ඒ මුදලෙන් ඉතිරි වන රු. 1000ක් හෝ 500ක් හෝ 100ක් හෝ 20 හෝ වේවා. ඔබ කැමති ගානක් වේනම් පර්ස් එකක් හෝ ziplock බෑග් එකකට හෝ පියන වහන්න පුළුවන් පොඩි cup එකකට දාන්න.
💰 ඊට පස්සේ එය නිතරම ඔබේ ඇස නොගැටෙන ආරක්ෂිත තැනකින් තියන්න. මොකද ඔබේ ඇස ගැටෙන විට ඔබට ඉන් සල්ලි ගන්න උවමනා වෙනවා.
💰 ඒ විදිහට ටික කාලයක් කරලා බලන්න. එහෙම එකතු වන සල්ලි වලින් ඔබේ එක හීනයක් හරි සැබෑ කරගන්න පුළුවන් වෙයි. හදිසි අවස්ථාවකට එය ගොඩක් වටිනවා. කරලම බලන්න.
ඊට අමතරව,
💰 එක මාසයක සැලරි එකකින් ගන්න ඕන කියලා හිතන හැමදේම ගන්න එපා. නිකරුණේ ඔබ විකිනෙනවා. ඒ නිසා අත්‍යවශ්‍ය එක දෙයක් පමණක් අරගෙන අනිත් මිලදී ගැනීම් කල් දාන්න.
💰 පර්ස් එකේ සල්ලි කීයක් තියෙනවා දකිද්දී කම්මැලිකමට කඩෙන් කන්න, කඩචෝරු කන්න එපා.
💰 ඒ වගේම රැකියාව කරන අතරතුර අමතර ආදායමක් ලැබෙන ඔබෙම් ව්‍යාපාරයක් වගේ දෙයක් කරන්න.
💰 හැමතිස්සෙම අරමුණ වෙනුවෙන් මහන්සි වෙන්න , කැපවෙන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |