පිළිස්සුම් සුව කරගන්න ගෙදරදීම කළ හැකි ප්රතිකාර.
පිළිස්සුම් කියන්නේ අපි හිතලා කරගන්න දෙයක් නෙමෙයිනේ.ඉබේ වෙන දෙයක්.රෙදි මදිනකොට පිච්චෙන්න පුළුවන්, උයනකොට පිච්චෙන්න පුළුවන්, තේ හදනකොට එහෙම නැත්නම් වෙන ඕනෙම දෙයකදී පිච්චෙන්න පුළුවන්. ඉතින් මේ කියන්න යන්නේ එලෙස පිච්චුන තැන් සුවපත් කරන්න ගෙදරදීම කරන්න පුළුවන් සරල ප්රතිකාර කිහිපයක් ගැනයි.
කෝමාරිකා
🟡 කෝමාරිකා කියන්නේ පිළිස්සුම් වලට හොඳම ඖෂධයක්.
තේ බෑග්
🟡 අපි තේ හදන්න ගන්න තේ බෑග් අරගෙන ඒවා Fridge එකේ තියන්න.ඊටපස්සේ පිළිස්සුනු ප්රදේශය මත තේ බෑග් එක විනාඩි 10 - 15ක් තියාගෙන ඉන්න.මේ ප්රතිකාරය දිනකට දෙවරක් කරන්න.ඒකෙන් Burn එකෙන් වෙන වේදනාව සහ දැවිල්ල අඩු වෙනවා .
විටමින් E
🟡 විටමින් E අරගෙන පිළිස්සුනු ප්රදේශයේ ආලේප කරලා සමට අවශෝෂණය වෙන තෙක් තියන්න.ඒකෙන් සමේ පිලිස්සී ඇති සම සුව කරන්න පුළුවන්.
මී පැණි
🟡 මී පැණි අරගෙන ඒවා පිළිස්සු ස්ථානයට දමන්න.දිනකට තුන්වරක් මේ සත්කාරය කරනවා නම් ස්වාභාවිකම ph සමතුලිත කරනවා.ඒ වගේම මී පැණි නිසා පිළිස්සුනු ස්ථානයේ තියෙන ඉදිමුම සහ දැවිල්ල සමනය කරනවා.
පොල් තෙල්
🟡 පිරිසිදු පොල්තෙල් ඇඟිලි තුඩු වලින් පිළිස්සු ප්රදේශයට කෙලින්ම අලේප කරන්න. ඊටපස්සේ ඒක සමට අවශෝෂණය කර ගන්න ටික වෙලාවක් තියන්න.ඉක්මන් සුවය ලබා ගැනීමට අවම වශයෙන් දිනකට 03 වරක් මෙම ප්රතිකාරය අනුගමනය කරන්න.ඒකෙන් පිළිස්සීම සිසිල් කිරීමට සහ පිළිස්සුණු සමේ බිබිලි සහ කැළැල් සුව කර ගැනීමට උපකාර කරනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |