මොළයේ වර්ධනයට සරල ව්‍යායාම.
අද කාලේ ගොඩක් දෙනෙක් තම රාජකාරි සමඟ පැය 24ම වැඩ. කන්න, බොන්න, නිදාගන්නවත් හරියට වෙලාවක් නැහැ . ඒත් ඔබ දන්නවද, ඔබේ සෞඛ්‍ය ගැන නොහිතා ජීවිත කාලයම වැඩ වලට හිර වෙනවා, නම්, නිතරම මොළය වෙහෙසවනවා නම් ඔබේ මොළයට දැඩි සේ හානි වෙන්න පුළුවන්.
සාමාන්‍යයෙන් මොළය සැකසී තිබෙන්නේ නියුරෝන ගොන්නක් එකතු වීමෙන්. මෙම සෛල වලට හානි වුණොත් ඔබේ මතක ශක්තිය හීන විය හැකියි. ඒ නිසා මේ කියන්න හදන්නේ ඔබේ මොළයේ වර්ධනයට කළ හැකි ව්‍යායාම මොනවද කියලයි. 🧠
🌸 ශාරීරික ව්‍යායාම
🌸 අවම පැය 6-7කවත් හොඳ නින්දක් ලබාගන්න.
🌸 මාස 2,3කට සැරයක්වත් විනෝද චාරිකාවක් යන්න.
🌸 පොත් කියවන්න
🌸 වැඩ කරන අතරතුර පුංචි වෙලාවක් හොයාගෙන හෝ නිවාඩු දිනයක් හෝ කාඩ්, චෙස්, දාම් වැනි ක්‍රීඩාවක් කරන්න.
🌸 ඒ වගේම ඔබ සිංදුවකට සවන් දෙන්න,
🌸 ප්‍රෙහේලිකා , ගණිත ගැටළු විසඳන්න.
🌸 ඔබ කැමති විනෝදාංශයක් කරන්න.
🌸 දිනපතා පෝෂණීය ආහාර වේලක් ලබා ගන්න.
🌸 එකදිගට පරිගණකය සහ ජංගම දුරකතනය දෙස බැලීමෙන් වළකින්න.
🌸 සමාජය, මිනිසුන් ගැන සිතින් අධ්‍යනය කරන්න.
🌸 තණතිල්ලක ඇවිදින්න.
මෙම ව්‍යායාම තුළින් ඔබට ලැබෙන වාසි
🌸 ඔබේ නිර්මාණශිලිත්වය වැඩි කිරීම
🌸 සිරුරේ සහ මනසේ සැහැල්ලුව
🌸 ආතතිය, මානසික පීඩනය අවම කිරීම
🌸 ධනාත්මක ශක්තින් ඇති කිරීම.
🌸 මතක් ශක්තිය වර්ධනය කිරීම.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |