ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රධාන පුහුණුකරුවෙකුට කොවිඩ්
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ලාල්චන්ද් රාජ්පුත්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මේ බව අනාවරණ වී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා දිවයිනට පැමිණි සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රීඩකයින්‍ට සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදීය.
ඒ අනුව ඔහුව මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර තිබේ. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලියට සහභාගී වීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සිම්බාබ්වේ සිට ශ්‍රී ලංකාවට සෘජුව පැමිණීමට නොහැකි වීම නිසා සිම්බාබ්වේ ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකාවට ළඟා වීමට සිදුවූයේ ගමනාන්ත 5ක් වෙත ගමන් කරමිනි.
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරගාවලියේ පළමු තරගය ජනවාරි මස 16 වැනිදා ත්, දෙවන තරගය ජනවාරි මස 18 වැනිදාත්, තුන්වන තරගය 21 වැනිදාත් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ සියලු තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙයි. කොවිඩ් 19 මාර්ගෝපදේශ වලට අනුව මෙම තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවසර හිමිනොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |