වැඩක් නෑ කියලා විසික් කරන සිලිකන් පැකට් එකෙන් ගත හැකි අපූරු ප්‍රයෝජන.

By Wayomi Jul 05, 2022 05:47 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ජම්බෝ පීනට් පැකට් එකක් ගත්තම එකේ ඇතුලේ තියෙන සිලිකන් බෝල පැකට් එක විසික් කරනවද? සමහරු නම් ඉන්නවා හේතුවක් දන්නේ නැති වුණත් මේ වගේ හම්බෙන පැකට් එකතු කරලා තියාගෙන ඉන්නවා. ඒත් ඔබ දන්නවද මේ සිලිකන් ජෙලි පැකට් ඔබට ප්‍රයෝජනවත් වන වෙනත් අවස්ථා තිබෙන බව.

🟤 රැවුල කපන රේසර් තල ජීව කාලය දීර්ඝ කරන්නත් පුළුවන්. රේසර් වල තලයේ නිතරම ජලයට නිරාවරණය වීම නිසා මලකඩ බැදෙනවා. එය වළක්වා ගන්න ඔබට පුළුවන් සිලිකා ජෙල් පැකට් කිහිපයක් රේසර් එක දාපු පෙට්ටිය දාලා තියන්න.

🟤 ඒ වගේම වාහනයේ ඩෑෂ් බෝඩ් එක මත සිලිකා පැකට් කීපයක් තැබීමෙන් විදුරුවෙහි මීදුම් බැදීම අඩු කරගන්න පුළුවන්.

🟤 ඔබේ ඇදුම් බෑගය වියලිව තබන්නට එයට ජෙල් පැකට් කීපයක් දාන්න පුළුවන්.

🟤 කැමරා බෑගයට පැකට් කීපයක් දැමීමෙන් කැමරාවේ විදුරු වල මීදුම බැදීම වළක්වා පුළුවනි.

🟤 ඇල්බම් එකේ photos damage වෙන් එක වළක්වා ගන්න ඒ තුළ සිලිකා ජෙල් පැකට් හෝ ඇට කිහිපයක් දාලා තියන්න.

🟤 පෙලි පැකට් කීපයක් රෙදි කඩක ඔතා ස්පර්ෂ නොවන විදියට ඖෂධ, කුලුබඩු සත්ව ආහාර වියලිව තබා ගැනීමට උදව් කරගන්න පුළුවන්.

🟤 පුස්ගද එන පැරණි පොත් බෑගයකට දමා එයට සිලිකා පැකට් කීපයක් දමා පැය විසි හතරක් තිබ්බොත් පුස් ගද නැති කරගන්න හැකි වේවි.

🟤 එමෙන්ම ඉක්මනින් මල බැදෙන දේ ආරක්ෂා කිරීමට, රන් අභරණ අවපැහැ ගැන්වීම වළක්වා ගන්නත් ඒවා ගබඩා කර ඇති පෙට්ටි හෝ වෙනත් අයිතම් මත සිලිකා පැකට් කීපයක් දමා තබන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW