ඔබේ සිරුරේ ලුණු වැඩි වී ඇති බව අඟවන ලක්ෂණ.

Ministry of Health Sri Lanka Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Oct 12, 2022 08:16 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ලුණු කියන්නේ අපේ දිව නිතරම හොයන රසක්නේ. ලුණු හෙවත් සෝඩියම් ක්ලෝරයිඩ් අපි සිරුරට ගුණ වගේම ලෙඩ කරන බවත් ඔබ මතක තබා ගත යුතුයි. ඒ නිසා අනවශ්‍ය තරමට ලුණු පරිභෝජනය කිරීම පාලනය කරගත යුතු වෙනවා. කෙසේ වෙතත් සමීක්ෂණවලට අනුව ලාංකීය අපි ලුණු වැඩි වශයෙන් පරිභෝජනය කරන බව හෙළි වී තිබෙනවා.

මොකද ආහාරයක රස දැනෙන්නට ලුණු රසයක් හොඳට තිබිය යුතුයි කියන මතයේ තමයි ගොඩක් දෙනෙක් ඉන්නේ. බතක් ඉව්වත් එයට උණු ස්වල්පයක් එකතු කරන අය ඉන්නවා. ඔවුන්ට බත් වලට ලුණු නැත්නම් කන්න බෑ. ඒ වගේම තමයි ලුණු දෙහි, අච්චාරු, සෝස් වර්ග, කෙටි ආහාර, පැණි බීම ආදී සියල්ලටම අධික ලෙස ලුණු එකතු කරගන්නවනේ. ඉතින් මෙහෙම කෑවොත් නම් ඔබේ ආයු කාලය කෙටි කරගන්න නම් පුළුවන්. ඒ නිසා රස නහර පිනවන්න කලින් ඔබ ඔබේ සෞඛ්‍ය ගැනත් හිතන්න.

සෝඩියම් ක්ලෝරයිඩ් සිරුරට ගුණ වෙන්නේ කොහොමද?

🟣 සාමාන්‍ය පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය වෙන සෝඩියම් ප්‍රමාණය ග්‍රෑම් 2.3 යි. ලුණු තේ හැන්දක්, ඒ කියන්නේ ලුණු ග්‍රෑම් 5 ගත්තොත් ඒ සෝඩියම් ප්‍රමාණය අපේ සිරුරට ලැබෙනවා.

🟣 දිනකට අවශ්‍ය තරමට ලුණු පරිභෝජනය කරනවා නම්, එමඟින් සිරුරේ රුධිර පීඩනය හා රුධිර සංසරණය පාලනය

🟣 ඒ වගේම ස්නායු සහ පේශී තන්තු අතර සන්නිවේදන කටයුතු සඳහා උපකාරී වෙනවා.ඒ නිසා පමණට වඩා ලුණු පරිභෝජනය ශරීරයට ඉතා අහිතකර ලෙස බලපානවා.


අධික ලුණු පරිභෝජනයේ අහිතකර ප්‍රතිඵල

❗ අධි රුධිර පීඩනය ඇති කරයි.

❗ හෘදයාබාධ ඇති කරයි.

❗ වකුගඩු රෝග ඇති කරයි.

❗ ආමාශයේ පිළිකා ඇති කරයි.

❗ හෘදය අකර්මන්‍ය වීම සිදුවෙයි.

❗ ආඝාතය ඇති කරයි.

❗ අස්ථි බිඳවැටීම හා ඔස්ටියෝපොරෝසීස් තත්ත්වයන්වලට ගොදුරුවෙයි.

❗ ආසාත්මිකතා ඇති කරයි.

❗ දන්ත ගැටළු ඇති කරයි.


සිරුරේ ලුණු අධික බව හඟුවන ලක්ෂණ


01.නිතර පිපාසය දැනීම

💡 අපේ ශරීරයේ ලුණු ප්‍රමාණය වැඩි වූ විට ශරීරයේ ජලය ප්‍රමාණය පහළ බහිනවා.

💡 ඒ නිසා වැඩි වශයෙන් ලුණු ශරීරයට ලැබෙන විට ජලය ටිකෙන් ටික සිඳී යනවා.

💡 ප්‍රමාණවත් පරිදි ජලය අවශ්‍ය වන නිසා නිතර නිතර පිපාසය ඇතිවෙනවා.

💡 පිපාසය දැනෙන විට ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකළොත් විජලනය වෙලා සිරුරේ ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරිත්වයට බාධා ඇති වෙනවා.


02. නිතර මුත්‍රා පිටවීම සහ මුත්‍රාවල වර්ණය වෙනස් වීම

💡 ලුණු අධික ලෙස පරිභෝජනය කිරීමෙන් වකුගඩුවලට වැඩි ශක්තියක් වැය කරන්න සිදු වෙනවා ඒවා සිරුරෙන් ඉවත් කරන්න.

💡 ඒ නිසා ඇතැම්විට වකුගඩු රෝගී තත්ත්වයට පවා පත්වෙන්නට පුළුවන්.

💡 වකුගඩුවල ක්‍රියාකාරිත්වයට ඉහළ රුධිර සැපයුමක් අවශ්‍ය නිසා ශරීරයේ රුධිර සංසරණය වේගවත්වී අධි රුධිර පීඩනය හා මන්දාතතිය ඇති කරනවා.

💡 ඒ නිසාම මුත්‍රවල වර්ණය වෙනස්වීම වගේම නිතර නිතර මුත්‍රා පිටකිරීමත් අවශ්‍ය වෙනවා.


03. අසාමාන්‍ය ඉදිමීම

💡 ශරීරයේ පැවතිය යුතු ප්‍රමාණය ඉක්මවා ලුණු ප්‍රතිශතය ඉහළ යාමෙන් සිරුරට අමතර ජල ප්‍රමාණයක් දරාගෙන සිටීමට සිදු වෙනවා.

💡 ඒ නිසා එකවරම ඇඟිලි, දෙපා, වැලමිට, දණහිස්, මැණික් කටුව වගේම දෑස් ආදිය අසාමාන්‍ය විදියට ඉදිමෙන්නට පුළුවන්.


04. කෙණ්ඩා පෙරලීම

💡 නීරෝගී සිරුරක් පවත්වා ගෙන යන්නට බාධා ඇති කරන අධික ලුණු පරිභෝජනය නිසා මාංශපේශී වේදනාවට පත්වී පෙරලීම ඇති වෙන්න පුළුවන්.

💡 නිතර නිතර මස් පෙරලීම ඇති වෙනවා නම් ඇතැම් විට ඔබේ සිරුරේ ලුණු ප්‍රතිශතය අධික වෙන්න පුළුවන්.


05. අස්ථිවල වේදනාව හා දත්වල ගැටලු

💡 ශරීරයට වැඩි වශයෙන් ලුණු ලැබීම අස්ථිවල ශක්තිමත්භාවය නැති වෙන්න හේතු වෙනවා.

💡 විශේෂයෙන්ම ලුණු අධිකවීම සිරුරේ කැල්සියම් ඌණතාවයක් ඇති කරනවා.

💡 එමගින් අස්ථි දුර්වලවීම්, දත්වල ගැටලු වගේම ඔස්ටියෝපොරෝසීස් වගේ තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්.

💡අස්ථිවල වේදනාවන් ඔබේ සිරුරේ ලුණු අධික බව හඟවන තවත් එක් ලක්ෂණයක්.


06. දිගුකාලීන හිසරදය

💡 හිසරදය විවිධ ලෙඩ රෝග නිසාවෙන් ඇති වෙන්න පුළුවන්.

💡 ඒ වගේම දිගුකාලීනව පවතින හිසේ කැක්කුම මඟින් සිරුරේ ලුණු ප්‍රමාණය අධික බව හඟවනවා වෙන්නත් පුළුවන්.

💡විශේෂයෙන්ම රුධිරයේ ඝනත්වය වැඩි කරන්නට අධික ලුණු පරිභෝජනය හේතුවී එය රුධිර නාල පළල් කරමින් එයට පීඩනයක් එල්ල කරනු ලබනවා.

💡 මේ තත්ත්වය නිසා අධි රුධිර පීඩනය ඇතිවී එහි ප්‍රතිඵලයක් ලෙසට හිසේ කැක්කුම හටගනු ලබනවා.


07. මතකය දුර්වල වීම

💡 මේ තත්ත්වය ඇති වන්නේ අධික ලුණු පරිභෝජනයෙන් ඇතිවන අධි රුධිර පීඩනය නිසා මොළයට රුධිරය සපයන ධමනිවලට හානි සිදුවීමෙන්.

💡 ඒ නිසා සිතීමේ හැකියාව අඩුවෙනවා.

💡 නිරන්තර විජලන තත්ත්වය නිසා විඩාපත් බව හා මතකය දුර්වල වෙනවා.    


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW