චර්ම පිළිකාවක් හඳුනාගත හැකි ලක්ෂණ.

Skin Cancer
By Wayomi Oct 18, 2022 12:39 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

අද වන විට ලෝකයේ සිදුවන මරණ වැඩි ප්‍රමාණයකට හේතු වෙලා තියෙන්නේ පිළිකාව.ඒකට වයස් භේදයක්, ලිංග භේදයක් නැහැ. මීට කලිනුත් අපි පිළිකා ගැන කතා කරලා තියෙනවා ඔබට මතක ඇති. ඒත් කතා කරන්නේ වෙනම පිළිකා වර්ගයක් ගැන.

අපේ ඕනෑම අවයවයක පිළිකාවක් වර්ධනය වෙන්න පුළුවන්. සම කියන්නේ අපේ ශරීරයේ ඇති විශාලතම ඉන්ද්‍රිය. මේ සම සෛල වර්ග කිහිපයකින් සමන්විත ස්ථර දෙකකින් සමන්විත වෙනවා. මිනිස් සමේ පැහැය තීරණය කරන මෙලනින් වර්ණකය නිපදවීම් සිදු කරන මෙලනසයිට් ලෙස හඳුන්වන සෛල වර්ගත් මේ සමේ පිහිටා තියෙනවා.ඒවායේ මෙලනින් ශ්‍රාවය වීම පාලනය වන්නේ අන්තරාසර්ග පද්ධතිය මගින්.

ඉතින් මේ සම ආශ්‍රිතවත් බහුල වශයෙන් පිළිකාවන් වර්ධනය වෙනවා. නමුත් ඒවා හඳුනා ගැනීමේ අපහසුව නිසා එය ශරීරයේ බොහෝ ප්‍රදේශයකට පැතිරීයාමට හැකියාව වැඩියි.

ඒ නිසාම මේ කියන්න හදන්නේ කල් ඇතිව කොහොමද සමේ ඇති වන පිළිකා එහෙමත් නැත්නම් චර්ම පිළිකාවක් හඳුනාගන්නේ කොහොමද කියලා.

🟠 සම මතුපිට පමණක් නොව ඇස ඇතුළත, මුඛය සහ යෝනි මාර්ගයේ ශ්ලේශ්මල පටල මෙන්ම නියපොතුවලට ඇතුළතින් පවා මේ පිළිකාව ඇති වෙන්න පුළුවන්.

🟠 ඒ වගේම තද පැහැ සමක් ඇති අයට වඩා පැහැපත් සමක් ඇති පුද්ගලයන්ට මේ චර්ම පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් පවතිනවා.


චර්ම පිළිකා


Basal Cell Carcinoma

🟢 මේ පිළිකාව බොහෝවිට සමෙන් එළියට නෙරා ගිය තද පැහැති ඝනවීමක් ලෙස දකින්න ලැබෙනවා.

🟢 ඒ වගේම ඒ එහි මැද කොටස ඉබේම හෝ යම් ගැටීමක් නිසා හෝ තුවාල වී රුධිරය ගැලීමක් ද විය හැකියි.

🟢 මේවායින් වැඩි ප්‍රමාණයක වර්ධක කළු පැහැයක් ගත්තත් 10% ක් පමණ පිළිකා වර්ණ රහිතව දකින්නට පුළුවන්.

🟢 මේ පිළිකා වර්ගය ප්‍රධාන වශයෙන් දකින්නට ලැබෙන්නේ හිස,නාසය, කන්පෙති, ඇස් වට ප්‍රදේශය හා අත්වල පිටි පැත්ත ප්‍රදේශවලයි.

🟢 එමෙන්ම අත්ලේ, යටි පතුලේ ආදී රෝම කූප නොමැති ප්‍රදේශවල මේ පිළිකාව දකින්නට ලැබෙන්නේ නැහැ.

🟢 වෙනත් ස්ථානවලට ව්‍යාප්තවීමක් දකින්නට නොලැබෙන මේ පිළිකාව නොසලකා හැරියොත් එය සම අභ්‍යන්තරයේ අස්ථි දක්වාම ගමන් කිරීමේ හැකියාව තියෙනවා.


Squamous cell carcinoma

🟢 මේ පිළිකාවත් සමෙන් ඉදිරියට වර්ධනය වූ ආකාරයකින් දකින්නට පුළුවන්.

🟢 යම් සැක සහිත වර්ධනයක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වෙනවා.

🟢 මේ හැරුණාම සමේ ඇතිවන පිළිකා වර්ග ගණනාවක් පවතිනවා.

🟢 එක් එක් වර්ගයේ ස්වරූපය එකිනෙකට වෙනස් වෙනවා.

🟢 පිළිකාව වැළදෙන පුද්ගලයාගේ මේ සෞඛ්‍ය තත්ත්වය අනුවත් එහි ස්වරූපය වෙනස්වීමකට ලක් වෙනවා. සමේ පිළිකා ඇති වීමට බලපාන හේතු.

🟢 හිරු එළියට වැඩි වශයෙන් නිරාවණය වීම හිරු එළියේ පාරජම්බූල A සහ පාරජම්බූල B ලෙස ඇති කිරණ වර්ග දෙකෙන්ම සමට හානි සිදු වෙනවා.

🟢 නමුත් චර්ම පිළිකා ඇතිවීමට එකම හේතුව හිරු එළියට නිරාවරණය පමණක් නොවෙයි. විකිරණවලට නිතර නිරාවරණය වීමත් හේතු වෙනවා.


චර්ම පිළිකාවක් හඳුනාගත හැකි ලක්ෂණ

📍 සමේ ඇති සුව නොවන තුවාල හා ඒ තුවාලවලින් රුධිරය වහනය වීම හෝ මතුපිට කබොලක් සෑදී තිබීම

📍 සමේ පැහැයට වඩා වෙනස් තද පැහැයට හැරෙමින් පවතින ලප

📍 අක්‍රමවත් මතුපිටක් හෝ අක්‍රමවත් දාරයක් සහිත ඝන කැළැලක්

📍 සම මතුපිට හෝ සමේ කැළලක් මතුපිට පවතින වර්ධනයක් හෝ ගැටිත්තක් මෙය තද පැහැති හෝ කලු පැහැති එකක් විය හැකි අතර මේ ගැටිත්ත දිළිසෙන සුළු මතුපිටකින් සමන්විත විය හැකියි.

📍 දිළිසෙන සුළු හෝ සිනිදු මතුපිටක් සහිත ගැටිත්තක් හෝ රතු හෝ තද පැහැයක් ගත් ගෙඩියක්.

📍 අත්ලේ හෝ පතුලේ අඳුරු පැහැ ලපයක්

📍 ක්‍රමයෙන් විශාල වන උපන් ලප හෝ වෙනත් ලප

📍 පෙර නොවූ කැසීමක් සමේ ඇතිවීම

📍 නියපොතු තද පැහැති පටියක ආකාරයේ පිහිටා තිබීම


චර්ම පිළිකා ඇති වීමේ වැඩි අවදානමක් සහිත අය.

📍 ආසනික්වලට වැඩි වශයෙන් නිරාවරණය වීම (කෘමිනාශක සහ ලිං ජලයේ ආසනික් අඩංගු විය හැකියි )

📍 සමේ තුවාල සහ කැළැල් පවතින පුද්ගලයන්

📍 ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන ඖෂධ සහ රෝගවලින් පෙළෙන පුද්ගලයන් (ඒඩ්ස් )

📍 සමේ සංවේදීතාවය ඉහළ දමන ඇතැම් සමේ රෝග හා ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන පුද්ගලයන්   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW