ඔබට ඉහළ සරුබවක් ඇති බවට පෙන්වන ඉඟි.

Pregnancy
By Wayomi Oct 16, 2022 11:31 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සරු බව කියන්නෙම දරුවෙක් පිළිසිඳ ගැනීමට ඔබට තියෙන්නම ඕන සුදුසුකමක්. ඉතින් පුංචි පුංචි හේතුන් ගැන හරි ලොකුවට හිතලා දුක් වෙන්න කලින් මේ ටිකත් බලලම ඉන්නකෝ.

මේ කියන්න යන්නේ ඔබේ සරු බව වැඩි අඩුද කියලා හඳුනාගන්නේ කොහොමද කියලා. ඔබ විවාහ වෙන්න කලින් ඉඳන්ම ඔබේ සිරුර විසින් ඔබේ සරු බව ගැන ඉඟිබිඟි පානවා. අපි බලමු ඒ මොනවද කියලා.

ඔබට ඉහළ සරු බවක් තියෙන බව හඟවන ලක්ෂණ


1. ඔබේ සරු බව වැඩි ‌වෙන විට ඔබගේ ඔසප් චක්‍රය ක්‍රමාන්‍රකූලයි

🌸 ඔබට ඉහල සරු බවක් ඇතිනම්, ඔබේ ඔසප් වෙන දිනය හරියටම කියන්න පුළුවන්. ඒ කියන්නේ දින වෙනස් නොවී හැම මාසෙම හරිම දිනයට සිදු වෙනවා. දිනයක් දෙකක් වගේ සමහරවිට වෙනස් වීමේ සම්භාවිතාවක් තියෙනවා.

🌸 ඔසප් වීමට පෙර සෑදෙන රෝග ලක්ෂණ කරදරකාරී විය හැකි නමුත් එය හොඳ දෙයක්ද වෙන්න පුළුවන්.

🌸 පියයුරු මුදු මොළොක් වීම සහ සැහැල්ලු මස් පිඩු පෙරලීම් වැනි රෝග ලක්ෂණ වලින් අදහස් වන්නේ ඔබ එක් සාරවත් මවක් බවයි.


2.පැහැදිලි ස්‍රාව පිට වීමක් වෙනවා

🌸 ඔබේ ඔසප් චක්‍රයෙන් අඩක්, පැහැදිලි, ගන්ධ රහිත ස්‍රාව විශාල ප්‍රමාණයක් පිටවෙනවා ඔබට දකින්න පුළුවන්.

🌸 ඔබ වඩාත් සාරවත් වන විට මෙය සිදුවෙනවා.

🌸 ඉන් ගැබ්ගෙල ග්‍රන්ථි තත්ත්වය සහ සෞඛ්‍ය සම්පන්න ඊස්ට්‍රජන් නිෂ්පාදනය ද පෙන්නුම් කරනවා.


3. ඔබට අධික ලෙස රුධිරය පිටවීමක් සිදුවන්නේ නැහැ

🌸 පිටවෙන ප්‍රමාණය හා කාලසීමාව යන දෙකෙන්ම සෑම කාන්තාවකගේම ඔසප්වීම වෙනස් වෙනවා.

🌸 බොහෝ දෙනෙක් දින කිහිපයක් එකදිගට අධික රුධිර පිටවීමක් අත්විඳින අතර අනෙක් පිරිස සතියකට ආසන්න කාලයක් තිස්සේ රුධිරය කුඩා ප්‍රමාණ වලින් පිටවීම අත්විදිනවා.

🌸 ඔබ ගැබ් ගැනීම සඳහා, ඔබේ ගර්භාෂ පටලය ඝනකම් සහ ප්‍රමාණවත් විය යුතුයි.

🌸 ඔබ කැටි සහිත හෝ අධික රුධිර වහනයක් අත්විඳින්නේ නම්, එය ඔබේ ශරීරය හා ඔබේ ගර්භාෂය, විශේෂයෙන් ක්ෂය කරනවා.

🌸 ඉහළ සාරවත් කාන්තාවන්ට බොහෝ විට ඉහළ රුධිර වහනයක් සිදු නොවී ක්‍රමාණුකූල රුධිර වහනයක් සිදුවෙනවා. 4.වෙනත් කාන්තා ඔසප් චක්‍ර කෙරෙහි ඔබට බලපෑම් කරන්න පුළුවන්

🌸 සුපිරි සාරවත් කාන්තාවන්ට වෙනත් කාන්තා චක්‍ර සමඟ එකම වේලාවක හෝ අනුපාතයකින් සිදුවීමට හෝ ක්‍රියාත්මක වීමට හැකි ඉන්ද්‍රජාලික බලයක් තියෙනවා.

🌸 ඒ කියන්නේ ඔබට ඔසප් වීම සිදු වීමත් සමඟ හෝ ඔබට අවසන් වන විට ඔබත් එක්ක ඉන්න තවත් කාන්තාවකට ඔසප් වීම ඇරඹෙන්න පුළුවන්.

🌸 මෙය සිදුවන්නේ ෆෙරමෝන් නිසා වෙන අතර ඔබ සමඟ නිතර කාලය ගත කරන කාන්තාවන්ට මෙය සිදුවෙනවා.

🌸 මෙවන් සුපිරි ශක්තිමත් ෆෙරමෝන් ලබා දීම සුපිරි සාරවත් බව කියාපාන ඉඟියකි.


5. ඔබේ සරු බව වැඩි විට ඔබට හොඳින් සකස් වු පියයුරු තියෙනවා

🌸 පියයුරු වල ප්‍රමාණය හා හැඩය ඔබේ හෝමෝනවල තත්වයට බෙහෙවින් බලපානවා.

🌸 එබැවින් හොඳින් වර්ධනය වූ පියයුරු තිබීමෙන් ඔබේ හෝමෝන හොඳින් ක්‍රියා කරන බව පෙන්නුම් කරනවා.

🌸 හොදින් ක්‍රියාකරන හෝමෝන කියන්නේ ඔබ හොඳ සාරවත් බවවින් යුක්තයි.

🌸 නමුත් පියයුරු කුඩා වු පමණින් ඔබට ගැබ් ගත නොහැකි යැයි පැවසිය නොහැකි බවත් මතක තබා ගන්න. 6.දරුණු ශ්‍රෝණි වේදනාවක් දැනෙන්නේ නැහැ

🌸 සමහර කැක්කුම සහ ඔසප් වීමට පෙර වේදනාවන් සාරවත් බව පිළිබඳ හොඳ සලකුණක් වුවද, ඔබේ ශ්‍රෝණි ප්‍රදේශය තුළ දරුණු ආකාරයේ වේදනාවක් අත්විඳීමෙන් අදහස් වන්නේ ඔබ එතරම් සාරවත් නොවන බවයි.

🌸 එමෙන්ම, දිගටම දැනෙන ශ්‍රෝණි වේදනාව ද ඩිම්බකෝෂ ගෙඩි හෝ එන්ඩොමෙට්‍රියෝසිස් වැනි සැගවී පවතින වෙනත් ගැටළු පෙන්නුම් කරනවා වෙන්නත් පුළුවන්.


7.ඔබ උත්සාහ නොකරම ගැබ්ගන්නවා

🌸 ලූප් හා පෙති වැනි උපත් පාලන ක්‍රම අනුගමනය කරන අතරතුරේදී පවා ඔබ ගැබ් ගැනීමෙන් අදහස් වන්නේ ඔබේ ශරීරය ඉහළ සාරවත් බවකින් යුක්ත බවයි. 8.ඔබේ සරු බව වැඩි විට ඔබේ සෞඛ්‍ය ඉතිහාසය පැහැදිලියි.

🌸 ඔබ අතීතයේ දී මුත්‍රා ආසාදන හෝ ලිංගාශ්‍රිත රෝග සඳහා පවා ප්‍රතිකාර ලබා ඇත්නම්, ඔබට සුපිරි සාරවත් වීමට වැඩි අවස්ථාවක් තියෙනවා.

🌸 ඔබ ප්‍රථම වරට ලිංගිකව එක් වු දා සිට ඔබේ නාරිවේද වෛද්‍යවරයා හමුවෙනවා නම්, පිළිසිඳ ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන ඔබේ ගැබ්ගෙල සහ පැලෝපීය නාල බොහෝ විට ටිප්ටොප් හැඩයෙන් යුක්ත වෙනවා.


සැ. යු. -

🩺 ඔබේ ආහාර රටාව සහ ජිවන රටවත් වෙනස් කර ගත යුතු වන හොඳ සාරවත් බවක් ලබන්න නම්.

🩺 ඇඟ උණුසුම් නම් ඇඟ සිසිල් කරන ආහාර ගන්න.

🩺 ක්ෂණික ආහාර ගැනීමෙන වළකින්න.

🩺 කාර්ය බහුල දිවි පෙවෙත , මානසික ආතතිය අඩු කරගන්න.

🩺 ඊට අමතරව සාරවත් බව අඩු වැඩි බවක් ඔබට දැනෙනවා නම් වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ගැනීම වැදගත් බවත් මතක තබාගන්න.