අරගලයේ සංඥා භාෂාවන් හඳුනාගන්න.
පසුගිය අරගල වලදී සමාජය තුළ වැඩිපුර කතාබහට ලක් වූ සිදු වීමක් ගැනයි මේ කියන්න යන්නේ. මතකද ඔබට එක පොලිසිය විසින් නිරපාක්ෂික අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව තවත් පිරිසක් අත් දෙක උඩට කතිරේ වගේ තියාගෙන බිම ඉඳගත්තා.
සමහරුන්ට මේවා මැජික් වගේ වුණාට එම සිද්දිය තුළින් එකතරා පණිවිඩයක් ලබා දෙනවා. ඔබ නොදන්නවා වුණාට අරගල වලදී, සටන් වලදී මෙලෙස භාවිතා කරන විවිධ අර්ථයන්ගෙන් යුත් සංඥා භාෂාවන් තියෙනවා. ඉතින් මේ කියන්න යන්නෙත් ඒ වගේ සංඥා භාෂාවන් කිහිපයක් ගැනයි.
🙅 අත් දෙක උඩට කතිරේ වගේ තියන් ඉන්න එකෙන් අදහස් වන්නේ, උඹලට පුළුවන් අත් දෙකට විලංගු දාන්න.
🙅 පපුව ඉස්සරහට දාගෙන ඉන්න එකෙන් අදහස් වන්නේ, උඹලට පුළුවන් වෙඩි තියන්න .
🙅දණ නවා ගෙන ඉන්නවා නම්, ඒකෙන් කියවෙන්නේ පහරකෑමට ලක්වූ වූ හෝ මැරුණු සහෘදයන් වෙනුවෙන් විරෝධය දැක්වීමක්.
🙅 අත් දෙක උඩට කතිරේ වගේ තියන් හිටගෙන දකුණු කකුල ඉස්සරහට කරගෙන ඉන්න එකෙන් අදහස් වන්නේ, උන්ට පුළුවන් මොන දේ කරත් අවසන් හුස්ම හුස්ම පොද වා තලයට මුසු වන තෙක් අවසන් ලේ බිඳු පොළොව සිප ගන්නා තෙක් යුක්තිය සාධාරණය වෙනුවෙන් නොබියව ගෞරවාන්විතව පෙරට යන බවයි .
🙅 ජාතික කොඩිය හෝ රවුම් කරන ලද පත්තරයක් වැනි දෙයක් කතිරය සහිත දෑතේ ඇත්නම්, උපන් බිමෙන් සරණාගතයන් බවත් ලේඛනයේ නිදහස අහිමි කර ඇති බවත් කියවෙනවා .
🙅 කට කලු රෙදි කඩකින් ගැටගසා ඇත්නම් , භාෂණයේ නිදහස අහිමි කිරීම හඟවනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |