ජනතාව වෙනුවෙන් සජිත් නීතිඥයන් හයසීයක් සූදානම් කර ඇති බව කියයි..

Srilanka politics
By Sithumi Apr 02, 2022 05:19 AM GMT
Report

රාජ්‍ය මර්ධනයට ලක්වන ජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් ඔවුන් වෙනුවෙන් 600ට අධික නීතිඥ මණ්ඩලයක් සූදානම් කර ඇති බවත් සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

තම ජීවත්වීමේ අයිතිය ඉල්ලා සිටින ජනතාව ත්‍රස්තවාදය වැළැක්වීම වැනි අණපනත් තුලින් මර්ධනය කිරීමට ආණ්ඩුව දරණ ප්‍රයත්නයට කිසිවිටෙකත් ඉඩ නොතබන බවද විපක්ෂ නායකවරයා කීවේය. කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

රට දිනෙන් දින ප්‍රපාතයටත් අන්ධකාරය ටත් ඇද දැමූ ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා රටේ ජනතාව අරගල කරන බවත්, එම ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්ට එරෙහිව ආණ්ඩුව මර්දනය දිගු කරන සෑම මොහොතකම ඊට එරෙහිව විපක්ෂය ලෙස තමන් ජනතාවගේ පැත්තේ හිටගන්නා බවත් විපක්ෂ නායක වරයා එහිදී කීවේය ජනතාව මොහොතින් මොහොත ජීවත්වීමේ අරගලයක යෙදී සිටියදීත් ආණ්ඩුව ඒ කිසිවක් මායිම් නොකිරීමෙන් රට අරාජික වී ඇතැයිද ඔහු පැවසීය.

ජනතා බලාපොරොත්තු සුන් කොට රටට අන්ධකාරය ගෙනා දුර්වල අකාර්යක්ෂම ජනතා විරෝධී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වී රට කරගෙන යාහැකි කණ්ඩායමකට භාරදිය යුතු බවද ප්‍රේමදාස මහතා පැවසීය

. ප්‍රජාතන්ත්‍රවාදී අරගලවලට පෙනී සිටින අතරේ රාජ්‍ය මර්ධනයට හසුවන සියලු පුරවැසියන්ට පක්ෂ පාට නොසලකා නීතිඥ සහාය නොමිලේ ලබා දීමටත් හයසියකට අධික නීතිඥ පිරිසක් ඒ වෙනුවෙන් සූදානම්ව සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now