කඳුළු ගෑස් වල කෙටි කාලීන සහ දිගු කාලීන අතුරු ආබාධ.
කඳුළු ගෑස් කියන්නේ මේ දවස් වල නිතරම අපිට කන්න ලැබෙන කෑමක්නේ. හැබැයි ඉතින් අරගල කරුවන්ට කඳුළු ගෑස් ගැහුවා වගේ නෙවෙයි. ඔබ නොදන්නවා වුණාට කඳුළු ගෑස් නිසා විවිධ රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අතුරු ආබාධ රැසකට ඔබ ගොදුරු විය හැකියි. ඒ නිසා ඔබත් කඳුළු ගෑස් කාපු කෙනෙක් සාමාන්‍යයෙන් කඳුළු ගෑස් බලපෑම විනාඩි 15-20 කින් පහව යා යුතු නමුත් ඊට වඩා වැඩි කාලයක් වේදනාවක් දැනෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා.
කඳුළු ගෑස් වල අඩංගු රසායනික ද්‍රව්‍යයන්
? chloroacetophenone (CN)
? chlorobenzylidenemalononitrile (CS)
? chloropicrin (PS)
? Bromobenzylcyanide (CA)
? dibenzoxazepine (CR)
කඳුළු ගෑස් වලන් සිරුරට සිදු වන බලපෑම
?️ කඳුළු ගැලීම
?️ ඇස්වල දැවිල්ල
?️ ඇස් රතු වීම
?️පෙනීම නොපැහැදිලි වීම
?️ මුඛයේ සහ නාසයේ ඇති වන දැවිල්ල
?️ ගිලීමේ අපහසුතාව
?️ ඔක්කාරය
?️ හුස්ම ගැනීමේ අපහසුතාව
?️ කැස්ස
?️හුස්ම හිරවීම
?️ කුෂ්ඨ වැනි සමේ ආසාදන මතු වීම
බරපතල ආබාධ
?️ සුළු පිළිස්සුම් තුවාල හට ගැනීම
?️ කැනිස්ටර් වැදිමෙන්ද අනතුරු සිදු විය හැකිය. ඒවා සිරුරේ තදින් වැදීමෙන් මුහුණට, ඇස්වලට හෝ හිසට හානි වීමටද ඉඩ තියෙනවා. කැනිස්ටර් වැදීම නිසා දරුණු තුවාල, සදාකාලික ආබාධිතභාවය සහ මරණය සිදු වූ අවස්ථාද වාර්තා වී තිබෙනවා.
?️ ග්ලුකෝමාව
?️ අන්ධභාවය
?️ රසායනික පිළිස්සුම්
?️ දිගුකාලීන ශ්වසනය ගැටළු
?️ මානසික ගැටළු
?️ මොළයේ තුවාල
?️ අත් පා අප්‍රාණික වීම
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |