වෙළඳසැලක් හදිසියේම ගිනිගනී..!

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 23, 2023 08:09 AM GMT
Report

අද (23) පෙරවරුවේ ඇල්පිටිය නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරිමේ ව්‍යාපාරික තෙමහල් ගොඩනැගිල්ලක හදිසි ගින්නක් ඇතිවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.

මෙහිදී, පෙරවරු 8.30 ට පමණ මෙම ගින්න හටගෙන තිබෙන අතර ප්‍රදේශවාසීන් සහ ඇල්පිටිය ගිනි නිවිමේ ඒකකය විසින් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.

ගිනි ගැනිමෙන් ජිවිත හානි සිදුවි නොමැති අතර යාබද වෙළඳසැල් වලට දුමාරය පැතිර යාමෙන් ආලාභහානි සිදුවි ඇත. 

සිදුවු දේපල හානිය මෙතෙක් ගණන් බලා නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි