පුද්ගලයින් හතර දෙනෙකුට වෙඩි ප්‍රහාරයක්..දෙදෙනෙක් මියයයි..

Police spokesman Sri Lanka Police Shooting Death Gun Shooting
By Aruna Sep 21, 2023 12:47 AM GMT
Report

අවිස්සාවේල්ල ඉහළ තල්දූව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන පුවතක් වාර්තා වනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකුට මෙලෙස වෙඩි තබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ තුවාල ලැබූවන්ගෙන් එක අයෙකුගේ තත්ත්වය බරපතල බවයි.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී.

යතුරු පැදියකින් ආ දෙදෙනකු ටී.56 ගිනිඅවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇත.

වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පොලිසිය පවසන්නේ වයස අවුරුදු 27 සහ 36 දෙදෙනකු මියගොස් ඇති බවයි.

තුවාල ලැබූවන් දැනට අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

උද්දික ප්‍රේමරත්නට වෙඩි තිබ්බේ කවුද - අද පාර්ලිමේන්තුවේ දී සියල්ල හෙළි කරයි?..

උද්දික ප්‍රේමරත්නට වෙඩි තිබ්බේ කවුද - අද පාර්ලිමේන්තුවේ දී සියල්ල හෙළි කරයි?..