බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයේ තවත් තිදෙනෙක් අත්අඩංගුවට..කතක් නිසා තවත් වෙඩි තැබීමක්..

Police spokesman Sri Lanka Police Shooting Gun Shooting
By Aruna Jan 31, 2024 03:01 AM GMT
Report

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනෙකු හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එදිනම තවත් එක් සැකකරුවෙක්, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මාතර දී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 28, 42, හා 58 යන වයස්වල පසුවන මීගමුව, අලව්ව හා බූස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පැවසෙන්නේ.

මෙම සැකකරුවන් ඝාතනයට යොදාගත් ටී 56 ගිනිඅවි බැහැර කිරීම සම්බන්ධයෙන් හා අපරාධ සිදුකිරීමේ දී මුදල් ගනුදෙනු සිදුකිරීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට පත්ව තිබේ.

මේ අතර, මීට පෙර ද අදාළ ඝාතන සඳහා ගිනිඅවි ප්‍රවාහනය කිරීමේ වරදට කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බෙලිඅත්ත පොලීසිය විසින් සිදුකරයි.

මේ අතර, කරුවලගස්වැව පොලිස් වසමේ බුද්ධි ධීවර ගම්මානය ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුකර තිබෙන බව වාර්තා වනවා.

ඊයේ (30) රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන් තුවාල ලැබූ පුද්ගලයෙක් මේ වනවිට පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බවයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

තුවාලකරු අවුරුදු 40ක් වූ පාවට්ටාමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවාලකරු කාන්තාවක් සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර, එම කාන්තාව සමග ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ වෙනත් පුද්ගලයෙකු විසින් බෝර 12 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා හඳුනාගෙන ඇති අතර, ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Sponsored By Sarrita Jewellery

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයේ තවත් තිදෙනෙක් අත්අඩංගුවට..කතක් නිසා තවත් වෙඩි තැබීමක්.. | Shooting Attack Beliaththa