හොරෙක් අල්ලන්න එළියට පැනපු ලංකිකයෙක්ව ඇමෙරිකානු පොලිසිය ඝාතනය කරයි. (VIDEO/PHOTOS)

United States of America Accident
By Aruna Dec 05, 2022 04:14 AM GMT
Report

අමෙරිකාවේදී පොලිස් වෙඩි පහරින් ශ්‍රී ලාංකිකයෙක් මියගොස් තිබෙනවා.

අමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයේ, ඔස්ටින් නගරයේ පොලිස් නිලධාරියෙකු විසින් එම වෙඩි ප්‍රහාරය එල්ල අතර එලෙස මිය ගොස් ඇත්තේ, 33 හැවිරිදි “රාජ්” හෙවත් රාජන් මුණසිංහ නමැති තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෙකි.

නොවැම්බර් මස 15 වන දින අලුයම අදාළ වෙඩි තැබීම සිදු වී තිබෙනවා.

ඒ, රාජ් මුණසිංහ සංචාරයක් නිම කර සිය නිවස වෙත පැමිණ සිටි අවස්ථාවේදීයි.

එදින මාධ්‍ය රාත්‍රියේ සිය නිවසේ සොරකමක් සිදුව ඇති බවට සැක සිතී ඔහු රයිෆලයක් ද අතැතිව නිවසේ ඉදිරිපස දොරෙන් ආලින්දයට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ ඇති ඔස්ටින් පොලිස් නිලධාරියෙකු එකවරම රාජ් අත තිබූ තුවක්කුව බිම දමන ලෙස අණ කරමින් ඔහුට වෙඩි තැබූ බව රාජ්ගේ ඥාතීන් පවසන්නේ.

ඔවුන් ඔස්ටින් පොලිසියෙන් ප්‍රශ්න කරන්නේ, ආයුධය බිම හෙළීමට සාධාරණ කාලයක් ලබා දීමට පෙර රාජ් මුණසිංහ මෙතරම් ඉක්මනින් “මරා දැමුවේ” ඇයිදැයි විමසමින්.

ඔස්ටින් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එදින අලුයම 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

අළු පැහැති ලෝගුවක් සහ අඳුරු කලිසමක් ඇඳගත් පුද්ගලයෙක් වීදි දිගේ රයිෆලයක් පෙන්වමින් එහා මෙහා ගමන් කරමින් සිටින බවට 911 අමතා අයෙකු පැමිණිලි කළ බව ඔස්ටින් පොලිසිය සඳහන් කර තිබෙනවා.

මෙම පුද්ගලයා ඔහුගේ නිවස අභ්‍යන්තරයට රයිෆලය එල්ල කරගෙන සිටි බව ද ඇමතුම දුන් පුද්ගලයා පවසා ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබුණා.

පසුව ඇමතුම්කරු ප්‍රකාශ කර ඇත්තේ, එම පුද්ගලයා ඔහුගේම නිවස තුළට වෙඩි තැබූ බවයි.

පොලිසිය එම ස්ථානයේ සිටි බවත් එම පුද්ගලයා නැවතත් වෙඩි තැබූ බවත් ඇමතුම්කරු ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

රාජ් මුණසිංහට වෙඩි තැබූ නිලධාරියා ඩැනියෙල් සැන්චේස් බවට පොලිසිය හඳුනාගෙන ඇති අතර ඔහු මේ වන විට නිවාඩු යවා ඇතැයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

පසුව වෙඩි ප්‍රහාරයට ලක් වුණු රාජ් රෝහල්ගත කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මක බව ඔස්ටින් පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ, අදාළ වෙඩි තැබීම සිදු වන අයුරු දැක්වෙන දර්ශන ද අමෙරිකානු මාධ්‍ය මගින් මේ වන විට මුදා හැර තිබෙන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGallery