වෙඩි තැබීමකින් සිව් දෙනෙක් ජිවිතක්ෂයට - දෙදෙනෙක් තුවාල ලබයි.. (විදෙස්)

By krishani Jul 04, 2023 09:58 AM GMT
Report

ෆිලඩෙල්ෆියා හි සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තවත් ළමුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 20ත් 59ත් අතර පසුවන්නන් ය.

තුවාල ලැබූ ළමුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු ද පොලිස් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේවෙතත් සැකකරු වෙඩි නොවදින කබායක් ද පැළඳ සිටි අතර ඔහු සතුව තිබු ගිනි අවිය ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.