වාර්තා පොත් අලුත් කළ පුංචි කෙල්ල ලක්මව රනින් බැබලූ හැටි මෙන්න..(PHOTOS)

Sri Lanka Sport Shenuki dishalaya
By Aruna Dec 29, 2021 01:21 AM GMT
Report

රන්පදක්කම් 4ක් සමගින් 47kg බරපන්තියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ශෙනුකි දිශාල්‍යා ඊයේ දින සමත් වුණා.

එහිදී Dead Lift, Bench Press, Squat යන තරග ඉසව් 03 සඳහා ම රන් පදක්කම් දිනා ගනිමින් සමස්ත ශූරතාවට හිමි රන් පදක්කම ද ඇය විසින් දිනා ගනු ලැබුවා.

එම සුවිශේෂි ජයග්‍රහණය සමඟ ම ඇය මෙතෙක් දැරූ ශ්‍රී ලංකා ජාතික වාර්තාව ද ඇය විසින්ම බිඳ හෙලනු ලැබුවා.

තුර්කි සවි එසවීමේ සම්මේලනයේ සහයෝගය ඇති ව ආසියානු සවි එසවීමේ සම්මේලනය මඟින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

රටවල් 19ක් සහභාගිත්වයෙන් දෙසැම්බර් මස 24-30 දින දක්වා තුර්කියේ දී මෙම ආසියානු සවි එසවීමේ ශූරතාවලිය පැවැත්වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery