ව්‍යාපාරයක් කරන ඔයාට උදේන්ම සුබම සුබ ආරංචියක් මෙන්න - බලන්නකෝ රජයෙන් මොකක්ද කරන්න යන්නේ කියලා..
Shehan Semasinghe
Sri Lanka Politician
Businessman
Budget 2024 - sri lanka
By krishani
මෙරට ආර්ථිකයෙන් සියයට 50කට වඩා වැඩි දායකත්වයක් දක්වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් වේ.
ඒ හේතුවෙන් ඔවුන්ව නගා සිටුවීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.
ඒ අනුව 2024 අයවැය මගින් අදාළ ව්‍යවසාය නගා සිටුවීමට වෙන්කර ඇති රුපියල් බිලියන 30කට අධික ප්‍රතිපාදන ණය යෝජනා ක්‍රම වෙනුවෙන් යෙදවීමට රජය පියවර ගන්නා බව ඒ මහතා පැවසීය.
එමෙන්ම, වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් වෙන් කර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙනුවෙන් ඇපකර ලබා දීම සඳහා වන ආයතනය ජනවාරි මාසයේ දී මුදල් අමාත්‍යාංශය යටතේ අරඹනු බවයි.