මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් සුබ ආරංචියක්... ණයවල කැපීපෙනෙන අඩුවක්...

Shehan Semasinghe Sri Lanka Economic Crisis Financial crisis Economy of Sri Lanka
By Sithumini Jul 11, 2024 04:43 AM GMT
Report


2024 අප්‍රේල් 30 වන විට ශ්‍රී ලංකාවේ මුළු ණය බර පිළිබදව විග්‍රහයට අනුව ශ්‍රී ලංකාවේ විදේශ ණයවල කැපී පෙනෙන අඩුවීමක් සමගින් සමස්ත ණය බරෙහි 2.76% පහත වැටීමක් සිදුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

එක්ස්හි සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා.

පසුගිය වසරේ දෙසැම්බර් සිට 2024 අප්‍රේල් 30 දක්වා කාළය තුළ, ශ්‍රී ලංකාව සිය රාජ්‍ය ණය තොගයේ 2.76% කින් කැපී පෙනෙන අඩුවීමක් අත්කර ගෙන ඇති අතර, මූලික වශයෙන් විදේශ ණයෙහි සැලකිය යුතු 9.2% ක අඩුවීමක් පෙන්වන බව එහි සදහන්.

මෙම ධනාත්මක ප්‍රවණතාවය රටේ ඵලදායී ණය කළමනාකරණය සහ ශක්තිමත් වූ විනිමය අනුපාතිකය පිළිබිඹු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.