ශ්‍රී ලාංකිකයෙක් වාර්තා පොත් අලුත් කරමින් ලැබූ ජයග්‍රහණය මෙන්න..(VIDEO/PHOTOS)
2022 සඳහා වන බුකර් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලක මහකා සමත්ව තිබෙනවා.
2011 වසරේ සිය පළමු නවකතාව වන චයිනමන් (Chainaman - The Legend of Pradeep Mathew) හරහා ශෙහාන් කරුණාතිලක සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ විචාරක පැසැසුමට ලක් වෙමිනි.
චයිනමන් (Chainaman - The Legend of Pradeep Mathew) ) කෘතිය, ක්‍රිකට් ක්‍රීඩාව විෂය කරගනිමින් ලියවුණු දෙවැනි හොඳ ම නවකතාව ලෙස පිළිගැනෙයි.
සාහිත්‍ය වෙනුවෙන් පිරිනැමෙන ඉහළම ජාත්‍යන්තර සම්මානය ලෙස සැලකෙන බුකර් සම්මානයට පාත්‍ර වූයේ ශෙහාන් කරුණාතිලකගේ දෙවැනි නව කතාව වන 'සෙවන් මූන්ස් ඔෆ් මලී අල්මේදා' (Seven moons of Mali Almeida) ය.
වෘත්තීය ලේඛකයකු වන ශෙහාන් කරුණාතිලක ගාල්ලේ උපත ලැබුවෙකි.
කොළඹ හැදී වැඩුණු ඔහු වැඩි දුර අධ්‍යාපනය හදාරා ඇත්තේ නවසීලන්තයේය. 46 හැවිරිදි ශෙහාන් කරුණාතිලක මහතා ලේඛන කලාවට පිවිසීමට පෙර, දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ රැකියාව කළේය.
ඔහු සුප්‍රසිද්ධ The Guardian, Newsweek, Rolling Stone, GQ, National Geographic, Conde Nast, Wisden, The Cricketer සහ the Economic Times ආදී සගරාවලට ලිපි සම්පාදනය කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |