ජැක්සන් ඇන්තනී මැයි 18 රටම අවධි කරමින් යළි සිනමාවෙන් නැගිටී..අලුත්ම වීඩියෝවක් එළියට(VIDEO)

Cinema Lead Sri Lanka Jackson Anthony
By Aruna Apr 27, 2023 12:49 AM GMT
Report

සයිමන් නවගත්තේගම ශුරීන්ගේ 'ක්ෂීර සාගරය කැලඹිණ' නවකතාවේ සිනමාපටය එළඹෙන මැයි 18 සිට දිවයින පුරා තිරගත කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම නිර්මාණය අධ්‍යක්ෂණය කළේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින්. මේ ඔහුගේ සිනමා දිවියේ විසිපස්වන සිනමා පටයි.

සයිමන් නවගත්තේගම රචිත “ක්ෂීර සාගරය කැළඹිණ” නැමැති නවකතාව අනුසාරයෙන් මෙහි තිර පිටපත රචනා කොට තිබෙන නමුත්, චිත්‍රපටය සහ නවකතාව අතරෙ හි සැලකිය යුතු වෙනස්කම් කිහිපයක්ම තිබෙන බවත් පැවසෙනවා.

‘ක්ෂීර සාගරය කැලඹිණි‘ සිනමා පටයේ අධිරාජ්‍යයා ලෙස ජැක්සන් ඇන්තනීත්, කැරලි නායකයා ලෙස හේමාල් රණසිංහත්, පුරම්භිකාව ලෙස උදාරි වර්ණකුලසූරියත්, හිරිමලා ලෙස රවීන් කනිෂ්කත් ප්‍රධාන චරිත නිරූපනය කරන අතර, ලූෂන් බුලත්සිංහල, සරත් කොතලාවල, ගිහාන් ප්‍රනාන්දු, කළණ ගුණසේකර, ප්‍රියංකා සමරවීර, හරිනි කාව්‍යංජනී, රුවන් පෙරේරා ආදී නළුනිළියෝ සෙසු චරිත නිරූපණයෙන් දායක වනවා.

මෙහි දර්ශන බහුතරයක් රූගත කර ඇත්තේ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මාන පරිශ්‍රය ආශ්‍රිතවයි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් ඔබට නැරඹිය හැකියි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now