ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න

Shasheendra Rajapaksa Law and Order Latest Headlines Sinhala news gagana news
By Shehan Aug 06, 2025 11:07 AM GMT
Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණි.

මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ කිහිපයක් 2022 මැයි 9 වැනිදා පැවති ජනතා අරගලයේදී හානියට පත්ව තිබේ. 

එම දේපළ සඳහා වන්දි ගෙවීමේදී, එය මහවැලි අධිකාරියට අයත් දේපළක් බව හඳුනාගෙන වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී, ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් තම නිල බලය භාවිත කරමින් හානිපූරණය සඳහා වන කාර්යාලයට අනුයුක්ත රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කර ඇතැයි චෝදනා එල්ල වී ඇත.

ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

එසේම, එම වන්දි ලබාගැනීම තුළින් දූෂණය, කුමන්ත්‍රණය සහ මහවැලි අධිකාරියට අයත් දේපළක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවන්ට හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වරදකරු වී ඇත.

මෙම චෝදනා 1999 අංක 28 දරන පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපළ පිළිබඳ වැරදි සම්බන්ධ 5(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සැලකේ. මේ හේතුවෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. 

ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, දියවැඩියාව.. මේ වගේ දේකට හැමදාම උදේට බෙහෙත් පෙත්තක් බොන කෙනෙක් ද?

ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, දියවැඩියාව.. මේ වගේ දේකට හැමදාම උදේට බෙහෙත් පෙත්තක් බොන කෙනෙක් ද?