ෂාරුක් ඛාන් ගැන අසුබ පුවතක් වාර්තා වෙයි..!

COVID-19 COVID-19 Vaccine Shah Rukh Khan India
By Sewvandhi Jun 05, 2022 12:19 PM GMT
Report

බොලිවුඩයේ සුපිරි නලු ෂාරුක් ඛාන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. මීට පෙර කාර්තික් ආර්යන්, කත්රිනා කයිෆ් සහ ආදිත්‍ය රෝයි කපූර්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වුණා.

Akshay Kumar ද පසුගියදා COVID-19 ආසාදනයෙන් පසු සුවය ලබා තිබෙනවා. ෂාරුක් ඛාන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තොරතුරු අනාවරණ වුව ද ඔහු ප්‍රතිකාර ලබන රෝහලක් හෝ නිරෝධායනයට ලක්වන ස්ථානයක් ගැන මෙතෙක් නිශ්චිතව හෙළිවී නැහැ.

ගතවූ දින කිහිපය තුල බොලිවුඩ් තරු කිහිප දෙනෙකුටම වෛරසය ආසාදනය වූ බවට කරුණු වාර්තා වූ අතර වෛරසයට ගොදුරු වූ නවතම සාමාජිකයා වන්නේ ෂාරුක් ඛාන්.

මේ අතර, දිනපතා නව වෛරස් අසදිතයන්ගේ විශාල වැඩිවීමක් දක්නට ලැබීමෙන් පසු මුම්බායි නගරයේ ජනතාවට සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව පිළිපදින ලෙසට ද දැනුම් දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now