සංගීතේ රොකී ගැටුමකින් දැඩිව තුවාල ලබා රෝහලේ ..! (PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actor
By Sewvandhi Nov 19, 2022 05:29 PM GMT
Report

ප්‍රකට රූපවාහිනී මාලා නාට්‍යයක් වන ‘සංගීතේ‘ රොකී ලෙස රංගනයෙන් දායක වන ගායන ශිල්පී ශානක උදීෂ ඇතුළු රියැලිටි රූපවාහිනී තරු කිහිප දෙනෙකුගේ ගැටුමක් සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පොලිසිය පැවසුවේ පසුගියදා තලංගම පිටකෝට්ටේ ආපන ශාලාවක ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් පවත්වමින් සිටියදී ගීතයක් ගායනා කරන ලෙස කළ ඉල්ලීමක් මත ඇති වූ ආරවුලක් මත මෙම ගැටුම හටගෙන ඇති බවයි.

වාර්තාවන ආකාරයට පසුගිය ඉරිදා කිසියම් කටයුත්තකට ශානක උදීෂ ඇතුළු කලාකරුවන් පිරිසක් සහභාගිවී තිබෙන අතර එම කටයුත්ත නිමවී නිවසට යන්නට පෙර ඔවුන් රාත්‍රී ආහාර ලබාගැනීම පිණිස පිටකෝට්ටේ පිහිටි ආපන ශාලාව වෙත ගොස් තිබේ.

ආපන ශාලාව ඇතුලේ ඔවුන් යනවිටත් ගීත ගයමින් පුද්ගලයෙකු ප්‍රසංගයක් කරමින් සිට ඇත. සංගීතේ ටෙලි නාට්‍ය නළුවා ඇතුළු කලාශිල්පීන් එතැනට පැමිණි පසුව එම පුද්ගලයා සිය ගායනයට ඔවුන්වත් හවුල් කරගෙන තිබෙයි. මෙම අවස්ථාවේ එතැනට පැමිණ සිටි දෙන්නෙකු ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් සම්බන්ධයෙන් නුරුස්නා අදහස් දක්වමින් එය නවතා දමන ලෙස කියමින් වාද කර තිබෙන අතර එම අවස්ථාවේ දෙපිරිස අතර මත ගැටුමක් හටගෙන තිබේ. 

දෙපිරිස අතර ගැටුම ගුටිබැට හුවමාරුවක් තෙක් දුරදිගගොස් ඇති අතර අනතුරුව ශානක උදීෂ ඇතුළු පිරිස එතැනින් නික්ම යන්නට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේ එක්වරම බාහිරින් ආ පිරිසක් ශානක ඉලක්ක කර පහරදී ඇති අතර පුද්ගලයන් කිහිප දෙනෙකුට තුවාල සිදුවී ඇති බව පොලිසිය පවසයි. ශානක උදීෂට සිද්ධියෙන් බරපතල තුවාල සිදුව ඇත.

ඔහු ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ හිසට ඇතිවූ තුවාල නිසා තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. මෙම ආරවුල සම්බන්ධයෙන් ශානක ප්‍රදීප් වෙනුවෙන් ඔහුගේ බිරිය මුලින්ම තලංගම පොලිසියට පැමිණිල්ලක් යොමු කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. ගැටුම සම්බන්ධයෙන් නඩු විභාගය ඉදිරියට සිදුවේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery