ක්‍රිකට් ලෝකයම හෙල්ලූ අලුත්ම තරුව

Cricket West Indies cricket team Australia Cricket Team Cricket Record
By Sewvandhi Jan 28, 2024 10:29 AM GMT
Report

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම,  වත්මන් ටෙස්ට් ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහිව සුපිරි ජයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. එහිදී සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ කොදෙව් නවක ක්‍රීඩක Shamar Joseph පන්දුවාර 11.5කදී ලකුණු 68කට කඩුලු 7ක් දවාගනිමින් ජය කොදෙව්වන්ට හිමිකර දුන්නේය.

මෙහිදී ඇඟිල්ලක ආබාධයක් සමග ක්‍රීඩා කරමින්,  සිය මංගල ටෙස්ට් තරගාවලිය සමග එක්ව සිටින Shamar Joseph මෙම දක්ෂතාවය දැක්වීම විශේෂ වෙයි. ඔහු සිය මංගල ටෙස්ට් තරගයේදී ද ප්‍රබල ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 5ක් දවාගෙන තිබුණේ ලකුණු 94කටය.

ඒ අනුව ඔහු සිය මංගල ටෙස්ට් තරගාවලියේදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 13කි. මෙහිදී තරගයේ සිය පළමු ඉනිම සඳහා කොදෙව්වන් ලකුණු 311ක් රැස්කරගෙන තිබුණි. සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට රැස්කරගත්තේ 289කි. දෙවන ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම ලකුණු 193කදී සියලුදෙනා දැවී ගියේය.

ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය සොයා දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියාවේ සිහින Shamar Joseph විසින් සුනුවිසුණු කර දැමුවේ කිසිවෙකු නොසිතූ ලෙසටය. ඒ අනුව ඔහු තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම සිය නාමය ඉදිරියේ සටහන් කරගත්තේය.

හුදෙකලා සටනක නිරත වූ Steven Smith නොදැවී පන්දු 146කදී හයේ පහරක් සහ හතරේ පහර 9ක් සමග ලකුණු 91ක් රැස්කර සිටියේය. කොදෙව් කණ්ඩායම මෙම තරගාවලියේදී ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව නවක ක්‍රීඩකයින් එක්කිරීම හාස්‍යයට ලක්කරමින්, විටෙක ක්‍රිකට් විචාරකයින් අනාවැකි පළකළේය.

එහෙත් ඒ සියල්ලට ඔවුන් මේ වනවිට පිළිතුරු දී ඇත්තේ ලකුණු 8කින් දෙවන ටෙස්ට් තරගය ජයගෙන ටෙස්ට් තරගාවලිය ද 1ට 1ක් ලෙස සමව නිම කරමිනි. එය වසර 27කට පසුව කොදෙව් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ දී ලද පළමු ටෙස්ට් ජය ලෙස ඉතිහාසයට එක්විය.

Sponsored By Sarrita Jewellery

ක්‍රිකට් ලෝකයම හෙල්ලූ අලුත්ම තරුව | Shamar Joseph Cricket Player