ජනප්‍රිය සම්මානය තවදුරටත් මගේ කලා ජීවිතයේ හීනයක් නොවුනත් කියා ශලනි තැබූ සටහන (PHOTOS)

srilanka Entertainment Shalani tharaka
By Sithumi Mar 17, 2022 05:30 PM GMT
Report

ශලනි තාරකා කිව්වම ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්. ස්වාධීන රූපවාහිනි නාලිකාවේ විකාශය කරන ලද ගිරිදේවී ටෙලිනාට්‍ය තුලින් අතිශය ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකර ගැනීමට සමත් වූ ඇය ජනප්‍රියම ඉදිරියට හිමි සම්මානය සහ දක්ෂතම නිළියට හිමි සම්මානය යන සම්මානයන් ද්විත්වයම එකවර දිනා ගැනීමට තරම් වාසනාවන්ත වුණා.

මේ දවස් වල අපට ඇයව සිරස නාළිකාවේ විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ස්නේහා කියන චරිතය තුළින් දැක බලාගන්නට පුළුවන්. පසුගිය කාල වකවානුව තුළදී ඇගේ ජීවිතයේ සිදු වූ යම් සිදුවූ යම් යම් පෞද්ගලික ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් මුළු මහත් සමාජයෙන් ම විවිධාකාර කතන්දර ඇසීමට ඇයට සිදු වුනා.

නමුත් ඇය ඒ කිසි දෙයක් ගැන නොසිතා සිය රංගන හැකියාව ඔස්සේ ප්‍රේක්ෂකයන්ගේ හිත දිනාගැනීමට සමත් වුණා. පහුගිය දවස් වල ඇය සචින් ලියනගේ සමග පෙම් සබඳතාවක් පවත්වනවා යැයි බොහෝ දෙනා පැවසුවත් ඔවුන් අතර එවැනි සබඳතාවක් නොමැති බව තමයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය කියලා තිබුණේ. ඉතින් රයිගම් ටෙලීස් සම්මාන උළලේ ඊයේ දිනට නිකුත් වූ ප්‍රතිඵල අනුව ජනප්‍රියම නිළියට හිමි නම් ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටීමට ශලනි තාරකාට හැකි වෙලා තියෙනවා.

ඉතින් ඒ ගැන ශලණි සිය මුහුණු පොත ඔස්සේ අපූරු සටහනක් එක් කර තිබුණා. ඒ මේ විදියට. “මුලින්ම මේ ආදරයට ගොඩාක් ස්තූතියි. ජනප්‍රිය සම්මානය තවදුරටත් මගේ කලාජීවිතයේ හීනයක් නොවුනත් ඒ තමයි ප්‍රේක්ෂක ඔබ ලබා දෙන ශක්තිය,ධෛර්‍ය්ය. ඉතින් 2009 වර්ෂයේ පටන් ජනප්‍රියම නමාවලියේ අවසන් 10 දෙනා අතර නොකඩවා මා රැදවු මට ආදරය කරන ඔයාලා හැමෝටම මාගේ ගෞරවය පුදකරනවා.

26 වන දිනට සම්මානය කාට ලැබුනත් ඔබේ ආශිර්වාදය ආදරය හැමදාම මාව ධෛර්‍ය්යමත් කරාවි. ඒවගේම මේ දිනවල අතිශය ප්‍රේක්ෂක ආකාර්ශනය දිනාගත් මා රංගනයෙන් දායකත්වය ලබා දෙන “කියාදෙන්න ආදරේ තරම්” ටෙලි නාට්‍යයද එම ටෙලිනාට්‍යයේ මාගේ Co-star Sachin Liyanage ද ජනප්‍රිය ටෙලිනාට්‍යය සහ ජනප්‍රිය නලුවා අංශ වල Top 3 අතර සිටිනු දැකීමත් ලොකු සතුටක්.Good luck everyone “මේ විදිහට තමයි ඇය සනිටුහන් කරලා තිබුණේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියට අපිත් හදවතින්ම උණුසුම් සුබපැතුම් එකතු කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery