වයසත් එක්ක අපි විලාසිතා කරන විදිහ වෙනස් කරන්න ඕනි.. ශලනි තාරකා කිව්ව වෙනස්ම කතාව...(PHOTOS)

srilanka gossip Shalani tharaka Sachin liyanage
By Sithumi Mar 08, 2022 04:46 PM GMT
Report

ශලිනි තාරකා කියන්නේ අපේ රටේ දක්ෂතම වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ජනප්‍රියම සහ දක්ෂතම කියන සම්මාන දෙකම එකම වර ලබා ගනිමින් ඇය වසර 24කට පසු ලංකාවේ වාර්තාවක් බිඳ ලොකු බව අපි හැමෝම දන්නවා. 

කාලෙන් කාලෙට නැග එන බැස යන තරු අතරේ තමන්ගේ ස්ථාවරය ඉතා තදින් මුල්බැස ගන්නට සමත් වුණු නිළියක් විදිහට අපිට ඇයව පුළුවන්. සිරස කුමරිය තුලින් තේරී පත්වෙලා කලාවට පිවිසෙන ඇය අද වෙනකොට කලාවේ බොහෝ දුරක් ගමන් කරලා තියෙනවා.අවුරුදු දහතුනක් වැනි දීර්ඝ රංගන අත්දැකීම් ඇතුව රංගන ගමන පැමිණි අතිදක්ෂ රංගන ශිල්පිනියක්. ටෙලි නිර්මාණ වල මෙන්ම සිනමා නිර්මාණ වලත් ඇයව අපට දැකගන්න පුළුවන්.

නෙලා චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය වන විරූපී තරුණියක් වන නෙලාගෙ චරිතයට පන පොවන්නේ ඇයයි.2019 රයිගම් සම්මාන උළෙලේ හොඳම නිළිය සඳහා වූ සම්මානය ඇය විසින් දිනා ගනු ලැබුවේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන ගිරිදේවි ටෙලිනාට්‍ය වෙනුවෙනි.

පසු ගිය වසරේ ජනප්‍රියම නිළිය සම්මානය ඇය රංගනයෙන් දායක වුණු සිරස නාළිකාව ඔස්සේ විකාශය වූ අඩෝ ටෙලි නාට්‍ය වෙනුවෙන් දිනා ගනු ලැබුවා.ඒ වගේම මේ දිනවල බොහෝ ජනප්‍රිය කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ස්නේහාගේ චරිතය නිසා ඇය ගැන හැමෝම කතාවෙන්වා. 

නිර්වන්ගේ ආදරය ඉල්ලා මේ දිනවල උමතුවෙන් හැසිරෙන ස්නේහා. ආදරය ඉදිරියේ කෙනෙක් කෙතරම් අසරණ වෙනවද කියන දේ ඇය හරහා දැක්වෙනවා. නිරවන ජනප්‍රිය නළු සචින් ලියනගේ අතමයි ඔහු. සචින් ශලනි සැබෑ දිවියේ ආදරය කරනවද කියන දේ හැමෝම හොයන්න පටන් ගත්තා. ඒ ඔවුන්ගේ චායාරූප ඔවුන් නිතරම සමාජ මාධ්‍යයේ හුවමාරු කරන නිසා.

ශලිනි කියන්නේ ෆැෂන් වලට හරිම ආස චරිතයක් වනවා.ඉතින් ඇය ඇයටම අවේනික වූ ඇඳුම් නිර්මාණය කරගෙන තිබෙනවා අපට දැක ගැනීමට ලැබෙනවා. ඉතින් ඒ ගැන ඇය අපිට කියන්නේ මේ විදිහටයි. අපි කථා බහ කරන විදිය, අපේ අඳින විදිය, ඇවිදින විදිය, බාහිර පාර්ෂවයන් සමඟින් ගණුදෙණු කරන විදිය, කන බොන විදිය, කොණ්ඩා මෝස්තරය මේ වගේ හැම දෙයක්ම ෆැෂන් පැකේජ් එකට ඇතුලත් කියලයි මාගේ පෞද්ගලික අදහස නම්.

ඒ විතරක් නෙවෙයි, ගැලපෙන විදිහට ෆැෂන් කරාමත් අලුත් ඇඳුමක් ඇන්දාමත් අමුතුම ගැම්මක් ආත්ම විශ්වාසයක් එනවා” කියලා. පොදුවේ විලාසිතා කරද්දී ශරීරයේ මහත, පැහැය, වයස, උස වැනි දෑ පිළිබඳව විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්නට ඕනේ.අපි ඉන්නේ කොතන ද අපි යන්නේ කොතන ද යනා දි වශයෙන් විලාසිතාවන් ගැලපෙන ලෙසින් කරන්නට ඕනේ.

එහෙම නැතුව මේ කවුරුත් කරපු පලියට විලාසිතා කරලා නම් හරියන්නේ නෑ.ඒක නිකන් විහිලුවක් වගේ එහෙම වුණෝතින්. නිලියක ඇඳන් හිටපු පලියට, ඩමියක දාලා තිබ්බ පලියට, මැගසින් එක්ක තිබ්බ පලියට නිකරුණේ මුදල් වියදම් කරලා විලාසිතා කළොත් ඒක නම් කිසිම තේරුමක් නැති දෙයක් තමයි.කාලෙත් එක්ක එන විලාසිතා විවිධ වෙනවානේ. වයසත් එක්කන් අපි විලාසිතා කරන විදිය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙනවා.

ඒ කාලේ පුංචි ළඳැරියක් විදියට කොන්ඩ දෙකක් බැඳලා එහෙම එක එක ඇඳුම් අඳින්න ආසයි. නව යොවුන් විය එළබීමත් එක්කම අපේ ඇගේ හැඩය, සමේ පාට ඉස්මතු වෙලා පෙන්නන විදියේ ඇඳුම් අඳින්න අපි නැඹුරු වෙනවා.නිකමට හිතන්න වයස අවුරු 30ක් 40ක් වගේ වෙද්දී අපි විලාසිතාවන් වලට යොමු වෙද්දී ඒ ගැන තව තවත් හිතනවා.

සමහර වෙලාවට ඒ වයසේ දී විවාහ වෙලා නම් මවක් බිරිඳක් විදියට කරන විලාසිතාවන් වෙනස් වෙනවා.ඉතින් ඒ වගේ එක එක දෑ මත කරන විලාසිතාවන් වෙනස් වෙනවා කියලයි මගේ හැඟිම” අන්න එහෙමයි ඔබේ ආදරණීය කලාකාරිනිය ශලිනි කියන්නේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery