මාස දෙකකට පසු ෂැඩොක් සොයාගනී - (VIDEO/PHOTOS)

Australia
By Sithumi Jul 17, 2023 11:24 AM GMT
Report

පැසිපික් සාගරයේ මාස දෙකක පමණ කාලයක් අතුරුදන්ව සිටි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු සහ ඔහුගේ සුනඛයා මුදාගෙන තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේ මෙක්සිකෝවෙන් ප්‍රංශ පොලිනීසියා දූපත් වෙත ගමන් කරමින් සිටි අදාළ යාත්‍රාවේ ඉලෙක්ට්‍රෝනික පද්ධතිය සති කිහිපයකට පසු බිඳ වැටී ඇති බවයි,විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ අනුව නිසි මාර්ගය සොයා ගත නොහැකිව අදාළ පුද්ගලයාගේ යාත්‍රාව මුහුදේ අතරමංව තිබේ. එම කාලය තුළ මසුන් ආහාරයට ගෙන ඇති එම පුද්ගලයා වැසි වතුර පානය කර ඇති බව වාර්තා වෙයි.

ට්‍රෝලර් යාත්‍රාවක් මගින් එම පුද්ගලයා සහ සුනඛයා මුදාගෙන ඇති අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරුන් පවසා තිබේ.   


GalleryGallery