දිය රකුසාට අකාලයේ දිවි දන් දුන් තරුණ ජිවිත දෙකේ ඛේදවාචකය.. (PHOTOS)
Sri Lanka Police
Sri Lanka
By krishani
වවුනියාව - ඊරට්පෙරියකුලම වැවේ දියනෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඊයේ (02) දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇත.
පාසල් සිසුන් සිව් දෙනෙකු සවස් කාලයේ දිය නෑමට ඊරට්පෙරියකුලම වැවට පැමිණ දිය නාමින් සිටිය දී සිසුන් දෙදෙනෙකු එකවර දියේ ගිලී අතුරුදහන්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.
වවුනියාව තේක්කවත්ත පදිංචි නදීශාන් නිදුසර(14) සහ කාර්තන් කයිලාෂ්(16) නැමති පාසල් සිසුන් දෙදෙනා එලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් දියේ ගිලෙන අවස්ථාවේ ඔවුන් සමඟ සිටි අනෙක් දරුවන් දෙදෙනා පිහිනාවිත් දිවි බේරාගෙන ඇත.
මියගිය ළමුන් දෙදෙනාගේ සිරුරු ගොඩට රැගෙන වවුනියාව මහ රෝහල වෙත රැගෙන එනු ලැබුණු අතර සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් වවුනියාව ඊරට්පෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

