සම්භාහනය මුවාවෙන් සූක්ෂමව කරගෙන ගිය ගණිකා මඩම් දෙකක් මාට්ටු වෙලා - එහි සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Jul 09, 2023 01:41 AM GMT
Report

පෙරේදා (07) දිනයේ ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේ දී සම්භාහන මධ්‍යස්තාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා ඇත.

ඒ ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ය.

එම වැටලීමෙන්, ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු හා ගණිකා වෘත්තියේ යෙදුනු සැකකාරියන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 23ක් හා 39ක් යන වයස්වල පසුවන කටුගස්තොට, නුගේගොඩ, පොල්ගහහේන, අහංගම, නාගොල්ල, බද්දේගම හා කැකිරාව ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.