ලිංගිකත්වය ක්‍රිකට් වලට දැඩි බලපෑමක් කරමින් ICC ය හදිසි තීරණයක් ගනී..එම තීරණය මෙන්න(PHOTOS).

Cricket Canada International Cricket Council ICC Women’s T20 World Cup
By Aruna Nov 22, 2023 06:24 AM GMT
Report

පිරිමි වශයෙන් උපන් සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කිරීම ICC විසින් තහනම් කර තිබෙනවා.

ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මාස නවයක උපදේශන ක්‍රියාවලියකින් පසුව ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි, ICC විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

කැනඩාවේ Danielle McGahey මෙම වසර මුලදී ජාත්‍යන්තර කාන්තා සංචිතයකට නම් කළ පළමු සංක්‍රාන්ති ලිංගික ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම් කෙරුණා.

ලිංගිකත්වය ක්‍රිකට් වලට දැඩි බලපෑමක් කරමින් ICC ය හදිසි තීරණයක් ගනී..එම තීරණය මෙන්න(PHOTOS). | Sex Is A Problem For Cricket

29 හැවිරිදි ඇය සැප්තැම්බර් මාසයේදී බ්‍රසීලයට එරෙහිව විස්සයි 20 ජාත්‍යන්තර තරගයකට පිවිසෙමින් ක්‍රිකට් ලෝකයේ කරළියට පිවිසියා.

ලිංගිකත්වය ක්‍රිකට් වලට දැඩි බලපෑමක් කරමින් ICC ය හදිසි තීරණයක් ගනී..එම තීරණය මෙන්න(PHOTOS). | Sex Is A Problem For Cricket

කෙසේ වෙතත්, ICC හි නව රෙගුලාසි යටතේ ඇයට තවදුරටත් ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරඟ සඳහා තරඟ කිරීමට නොහැකි වනු ඇති.

ලිංගිකත්වය ක්‍රිකට් වලට දැඩි බලපෑමක් කරමින් ICC ය හදිසි තීරණයක් ගනී..එම තීරණය මෙන්න(PHOTOS). | Sex Is A Problem For Cricket

මේ අතර,ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ දී පන්දු යැවීමේ කාලය සම්බන්ධයෙන් නව නීතියක් හදුන්වාදීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව එක පන්දු වාරයක් යැවිය යුතු නිශ්චිත කාලයක් පවති.

කිසියම් කණ්ඩායමක් අවස්ථා තුනකදී එම කාලය සම්පූර්ණ නොකළහොත් අනෙත් පිලට ලකුණු 5ක් හිමිවනු ඇත.

කෙසේ වෙතත්, එහි මූලික අත්හදා බැලීම් ලබන මාසයේ සිට ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා ක්‍රියාත්මක බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩි දුරටත් සඳහන් කර ඇත.