සැප්තැම්බර් 19 වන සඳුදා නිවාඩු දිනය ගැන යළිත් දැනුම් දීමක්..එදාට මේඅය වැඩලු.

Government Employee Sri Lanka
By Aruna Sep 16, 2022 01:52 AM GMT
Report

සැප්තැම්බර් 19 වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් වුවද කලින් දිනයක් සහ වෙලාවක් වෙන්කර ගත් අයට පමණක් එක් දින හා සාමාන්‍ය සේවා යටතේ පාස්ට්පෝට් සහ අනෙකුත් සේවා ලබාගත හැකි බව ආගමන විගමන පාලක ජෙනරාල්වරයා විසින් දැනුම්දී තිබෙනවා.

මේ අතර සැප්තැම්බර් 19 වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති නිසා රජයේ පාසැල් සහ රජයේ අනුමත සියළු පාසැල් සඳහා නිවාඩු ලබා දී තිබෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ දින සඳහන් කළා.

සැප්තැම්බර් 19 වන දා ජාතික ශෝක දිනයක් සහ රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කළේ, දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය සඳහා ශෝකය දැක්වීමටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now