කන්න දීපු ස්වාමියා මියගිය පසු වඳුරෙක් සිදුකළ දේ..ගමම සංවේදී කළ සිදුවීම මෙන්න..සංවේදී දර්ශන සහිතයි(VIDEO)

Sri Lanka
By Aruna Oct 19, 2022 08:50 AM GMT
Report

තම ස්වාමියාගේ මරණයෙන් පසු මඩකලපුව තලංගුඩා ප්‍රදේශයේ වඳුරෙක් ඔහුගේ මළ සිරුර මතට නැඟ ඔහුව බදාගෙන සිපවැලඳ ගනිමින්, හඬා වැලපෙමින් ඔහුගේ අවසන් කටයුතු සිදු කළ සුසාන භූමියට ගොස් ඔහුට ගෞරව සිදුකිරීමේ අපූරු පුවතක් වාර්තා වනවා.

තලංගුඩා ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පිටම්බරම් රාජන් නමැති දෙදරු පියෙකු වනයේ සිට පැමිණි වඳුරෙකුට බිස්කට් ලබාදීම සිරිතක් වී තිබුණා.

ඔය කියන වඳුරා ගෙදරට එන හැම දවසකම ඌට බිස්කට් දෙනවලු, වඳුරා එයාගෙ දරුවා සමඟ බිස්කට් කනවලු.

මේ තත්ත්වය තුළ ඔහු පසුගියදා (17දා) රාත්‍රී හදිසියේ මියයාමෙන් පසු ඔහුගේ ඥාතීන් විසින් ඔහුගේ දේහය අඟහරුවාදා (18දා) ඔහුගේ නිවසට පැමිණ අවසන් කටයුතු සිදුකිරීමට රෝහලෙන් රැගෙන ආවේය.

එවිට එහි පැමිණි වඳුරා ඔහුගේ සිරුර දැක ඔහු දෙසට ගොස් හුස්ම ගන්නේ දැයි පරීක්ෂා කර ඔහුගේ බෙල්ලේ කමිසය ඇදීමට කිහිප වතාවක්ම උත්සාහ කිරීම කාගේත් අවධානයට යොමුවිය.

නමුත් ඔහු ඇඳෙන් නැගිට්ටේ නැති විට වඳුරා කඳුළු සලමින් ඔහුගේ කකුල ස්පර්ශ කර වැඳ ඔහු අසලම වාඩි විය.

එහිදී අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට පැමිණි ඥාතීන් වඳුරාගේ ක්‍රියාව දැක කඳුළු සලමින් සිටි අතර අසල සිට වඳුරාගේ ක්‍රියාව දැකීමෙන් සියල්ලෝම විමතියට පත් වූහ.

අනෙක් අතට මළ සිරුර ආදාහනය සඳහා කනත්තට ගෙන යන විට වඳුරා එහි ගොස් තමාට ආහාර ලබා දුන් පුද්ගලයාට කෘතගුණ සැලකීමද විශේෂත්වයකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now