මට ආදරේ කරන්න ලස්සනවත්, පෝසත්කමවත් අදාලම නැහැ, මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් වුනානම් ඒ ඇති-සෙනාලි ෆොන්සේකා (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi සති 3 කට පෙර
Report

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය සුරූපී රංගන ශිල්පිනියක් තමයි සෙනාලි ෆොන්සේකා කියලා කියන්නේ. ඉතින් පහුගිය කාලයේ අතිශය ප්‍රේක්ෂක ආදරයක් ලබමින් පුංචි තිරය ඔස්සේ විකාශනය වුනු නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ සුදු චූටිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. 

ඉතින් ඇය මේ දවස්වැ කළා නිර්මාණ තුලින් වැඩිපුර පෙන්න නැති නිසා ඇය හිතන්නේ රංගන ශිල්පිනියක් විදියට හැම කාලෙම පෙන්න ඕනේ කියලා එකක් නැහැ කියලාලු. ඒ වගේම හොඳ නිර්මාණ හරහා මිනිස්සුන්ට මතකයේ රැඳෙන නිර්මාණ හරහා ප්‍රේක්ෂකයා අතරට එන්න තමයිලු ඇය හැමවෙලේම උත්සහ කරන්නේ. ඉතින් ඇය නිර්මාණයක් භාර ගන්නේ ඇයට දැනෙනවා නම් විතරයි කියලයි ඇය කියන්නේ. එතැනදී ඒක රිදී තිරයේද, පුංචි තිරයේද මියුසික් වීඩියෝ එකක් ද කියලා බෙදන්නේ නැහැ කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය විවාහය දකින්නේ හරිම බැරෑරුම් දෙයක් විදියටලු. ඒ නිසා ආවට ගියාට විවාහය සම්බන්ධ තීරණ ගන්නේ නැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය සාමාන්‍යයෙන් දික්කසාදය ගැන විශ්වාස කරන කෙනෙක් නෙවෙයි කියලත් සෙනාලි කියනවා. හැබැයි එකට ජීවත් වෙන්න බැරිනම් වෙන් වෙන එක වෙනයි කියලයි ඇය කියන්නේ.

ඉතින් දැන දැන ඒ දේට යන්න බැරි නිසාම ඇය විවාහ වෙනවා නම් ගොඩක් හිතලා බලලා ඇයගේ ඉදිරි අවුරුදු ගණනාව ඔහු එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියන එක ගැන හිතලා විවාහ ගිවිස ගන්න කෙනෙක් කියලත් ඇය කියනවා.

Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery