අමෙරිකාවේ වෙළදසැල්වල රාක්ක සඳහා ආරක්ෂක රැකවල්.
United States of America
World
By Hashini
අමෙරිකාවේ බොහෝ නගරවල පිහිටි සුපිරි වෙළඳසැල් තුළ අලෙවියට තබා ඇති එදිනෙදා භාවිතයට ගන්නා බොහෝ භාණ්ඩ දැඩි ආරක්ෂාව යටතේ තබා ඇතැයි වාර්තා වනවා.
එලෙස ආරක්ෂා කර තැබෙන්නේ දන්තාලේප, චොක්ලට්, රෙදි සෝදන කුඩු සහ ඩියෝඩ්‍රන්ට් වැනි භාණ්ඩ බවයි වාර්තා වන්නේ.
එවැනි භාණ්ඩ අසුරා ඇති රාක්ක හෝ වීදුරු බහාලුම් දැඩි ලෙස අගුළු දමා තිබෙන අයුරු දැක ගත හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඊට හේතුවී ඇත්තේ සුපිරි වෙළඳසැල් තුළ අලෙවියට තබා ඇති භාණ්ඩ සොරකම් කරන පිරිස් ඉහළ යාම හා එවැනි සොරකම් ඉහළ යාම බව ද සඳහන්.
සංවිධානාත්මක පිරිස් විසින් මෙවැනි සොරකම්වල නිරත වන බවයි වාර්තා වන්නේ.
අමෙරිකාවේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම සහ ඒ ඔස්සේ ජනතාවගේ ජීවන වියදම ඉහළ යාම මේ සඳහා ප්‍රධාන හේතුවක් වනවා.