මැති ඇමතිවරුන්ගේ නිවාස ආරක්ෂාවට පොලීසියට අමතරව යුද හමුදාවත් කැඳවයි..! පාර්ලිමේන්තුවේ ආරක්ෂාවටත් විශේෂ වැඩපිළිවෙළක්..

Sri Lanka protest Gotabhaya Rajapaksha economic crisis Mahinda Yapa
By Sewvandhi Apr 03, 2022 11:13 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාදිවෙල පිහිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂාවද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කර ඇත. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන්ගේ නිල නිවාස සංකීර්ණයේ ආරක්ෂාවට පොලිසියට අමතරව යුද හමුදාවද යොදවනු ලැබ ඇත.

රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මෙයට අමතරව එම නිවාස සංකීර්ණය අවට ප්‍රදේශයේ බුද්ධි අංශ කණ්ඩායම්ද සීරුවෙන් තබා ඇතැයි වාර්තා වේ.

මේ අතර පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ආරක්ෂක අංශ, බුද්ධි අංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(4) පැවැත්වීමට නියමිතය. 

 පාර්ලිමේන්තුව හෙට (4) සිට ලබන 8 වැනිදා සිකුරාදා දක්වා පැවැත්වෙන අතර පාර්ලිමේන්තුව රැස්වන එම කාලසීමාවේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද රජයේ අවධානය යොමුවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now