ලොවපුරා ධනවතුන්ගේ දියුණුවේ රහස්.
ධනවත් වීමේ හීනය සැබෑ කරගන්න එක එක්කෙනාට ඊරිසියා කර කර ඉඳලා නම් බැහැ. පෝසතෙක් වෙන්න නම් ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීම, ධනාත්මක මානසිකත්වයක් තිබීම සහ කුසලතා ප්‍රගුණ කළ යුතු වෙනවා. ඉතින් මේ කියන්න යන්නේ ලොව පුරා සිටින ධනවතුන් ඔවුන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් අනුගමනය කළ ක්‍රම කිහිපයක් ගැනයි.
🔆 කතාව අඩු කර වැඩිපුර සවන් දෙන්න පුරුදු වෙන්න.
🔆 ගණුදෙනුකරුවන් සමඟ කතා කිරීමට කාර්යාලයෙන් එළියට යන්න. එවිට ඔබේ ඉදිරි දර්ශනය වෙනස් කිරීමට, මනස සන්සුන්ව තබා ගැනීමට හැකි වේවි.
🔆 ඔබේ ඉලක්කය ධනවත් වීම නම් , ඒ සඳහා ඔබට උදව් කරන අය සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කරන්න. ඔබව ඉලක්කයට රැගෙන යන්න උදව් කරන කිසිම දිනක අමතක නොකරන්න වග බලාගන්න.
🔆 කිසිම දිනක ඉගෙනීම අත්හරින්න එපා. නව නිෂ්පාදන, නවෝත්පාදන සහ තාක්ෂණයත් සමඟ දියුණු ලෝකයේ ඉගෙන ගන්න ඔබට ගොඩක් දේවල් තිබෙනවා.
🔆 සාමාන්‍යයෙන් ධනාත්මක පුද්ගලයන් ඇඳුම්, මිල අධික උපකරණ, ස්වර්ණාභරණ හෝ කාර් සඳහා වියදම් කරන්නේ නැහැ. ඔවුන් නිරන්තරයෙන් ආයෝජන, දේපළ වෙළඳාම වැනි ව්‍යාපාර කටයුතු වලට අවධානය යොමු කරනවා.
🔆 ඔවුන් සමාජ මාධ්‍ය වෙනුවෙන් කාලය නාස්ති කරන්නේ නැහැ. තමන්ගේ පුද්ගලික සංවර්ධනය සහ සෞඛ්‍ය රැක ගන්න වෙහෙසෙනවා.
🔆 ධනවතුන්ගෙන් 88% ක් දිනකට අවම වශයෙන් විනාඩි 30 ක්වත් පොත් කියවනවා.
🔆 ඒ වගේම මොවුන් නිතරම අනාගත බලාපොරොත්තු , අරමුණු, දවසේ වැඩ, සිතුවිලි වෙනම සටහන් කර තබාගන්න අමතක කරන්න නැහැ.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |