හිටිගමන් ඔයාගේ ඇඟේත් මස් නටනවා ද? එහෙනම් ඒකෙන් කියැවෙන්නේ මෙහෙම දෙයක්.

Astrology
By Wayomi Feb 04, 2024 12:00 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඉස්සර ඉඳන්ම පැවත එන සමහර විශ්වාසයන්, මත තවමත් සමහරු විශ්වාස කරනවා. හැබැයි තවත් සමහරු නම් ඒවා හණමිටි අදහස්‌ ලෙස සලකා ඉවත දමනවා. නමුත් අපි ඒවා ගණන් නොගෙන ඉවත දැමුවත් විවිධ ක්‍රියා කාරකම්, සිදුවීම් ඔස්‌සේද අනාවැකි පැවසෙන බව අධි මානසික විද්‍යාව පවසනවා. ඉතින් මේ කියන්න යන්නේ අපේ ශරීරයේ මස් නැටීමේන් ඉඟි කරන අනාවැකි ගැනයි.ඒක හරියට යම් ශරීර ස්‌ථානක උඩයට පනින ආකාරයේ දෙයක්.

🤷‍♀️ ශරීරය වම දකුණ වශයෙන් බෙදීමේදී ස්‌ත්‍රීන්ගේ සිරුරේ වම් පැත්තෙත් පුරුෂයන්ගේ සිරුරේ දකුණු පැත්තේත් මස්‌ නැටීම සුබ ලකුණක්‌ බව කියැවෙනවා.

🤷‍♀️ ස්‌ත්‍රීන්ගේ දකුණු පසත්, පුරුෂයන්ගේ වම් පසත් මස්‌ නැටීමෙන් අසුබ නිමිත්තක්‌ බව පැවසෙනවා.

🤷‍♀️ හිස්‌ මුදුන මස්‌ නැටීමට ගොදුරු වී නම් ධන ලාභ, වස්‌තු ඉඩකඩම් ලාභ, ඇස්‌වලට කිට්‌ටුව නම් තමාට හිතවත්, යහපත් සේවකාදීන් සේවයට ලැබීම මෙන්ම තම දියුණුවට අවශ්‍ය සියලුම දේ ඔවුන් නොපිරිහෙලා ඉටුකරන බව කියනවා.

🤷‍♀️ ඇස්‌බන්ධන ප්‍රදේශයෙහි මස්‌ නැටීම සිදුවී නම් තමන් කරන කියන දෙයින් සාර්ථක ප්‍රතිඵල ඇතිවීම මෙන්ම නඩුවක්‌ තරඟයක්‌ සම්මුඛ පරීක්‍ෂණයක්‌ වැනි තරඟකාරි දෙයකට ඉදිරිපත් වී සිටී නම් එයින් ජයග්‍රහණය හිමිවන බව සඳහන්.

🤷‍♀️ ඇසේ කර්ණාතයන්හි මස්‌ නැටීමෙන් තමන් අසන්නට කැමැති ජයග්‍රහණ, ධනලාභ ආදී සිතට ප්‍රියජනක දෙයක්‌ සිදුවීම.

🤷‍♀️ පිට කොන්දෙහි නම් තමා කරන දෙයින් ඵල ප්‍රයෝජන අත්නොවීම හෝ පරාජය අත්වන බව සඳහන්.

🤷‍♀️ යම් අයකුගේ අතේ මුල ප්‍රදේශයෙහි මස්‌ නැටීම සිදුවී නම් තමන් ඇසුරු කරන මිත්‍රයන්ගේ උදව් උපකාර ලාභ, ප්‍රයෝජන හිමිවීමට හේතු වෙනවලු.

🤷‍♀️ පතුල් දෙක තුළ මස්‌ නැටීමෙන් තමන්ට වාසනාව භාග්‍ය උදාකරන භූමි ලාභ හිමිවීමත්, සමාජයේ කීර්ති ප්‍රශංසා ගෞරව ආදියට අවස්‌ථා උදාවන බවත් පැරණි ජෝතිශ්‍ය ග්‍රන්ථයන්හි දැක්වෙනවා.

🤷‍♀️ මනුෂ්‍ය ශරීරයේ ඇසේ දෙකෙළවර මස්‌ නැටීමෙන් කියැවෙන්නේ යම් යම් ක්‍රමයන්ගෙන් තමාට ලාභ ප්‍රයෝජන ලැබෙන බව සඳහන්.

🤷‍♀️ ඇසේ මධ්‍ය කොටසෙහි නම් තමන් කරගෙන යන වැඩකටයුතු පිළිබඳව කළකිරීමෙන් අලස බවක්‌ ඇතිවිය හැකි බව පෙනේ.

🤷‍♀️ බෙල්ලෙහි මස් නැටීම කියාපාන්නේ තමන් අපේක්‌ෂා නොකළ ප්‍රසිද්ධියත් සමාජයත් ප්‍රශංසා ආදියත් ලැබී ජීවිතයේ දීප්තිමත් කාලයක්‌ උදාවන බවයි.

🤷‍♀️ නැබෙයි මස්‌ නැටීමෙන් හදිසි ධනලාභ, වස්‌තු ලාභ, වෙළෙඳ ව්‍යාපාර ආදියේ දියුණුව ඇතිවීමට හේතුවන බවත් දැක්වෙනවා.

🤷‍♀️ නාසයෙහි එවැනි අවස්‌ථා ඇතිවීමෙන් තමන් අපේක්‌ෂිත අදහස්‌ සඵල වී ප්‍රීතිමත් සැපවත් වාසනාවන්ත වකවානුවක්‌ ළඟදීම උදාවිය හැකි බව පෙන්නුම් කරයි.

🤷‍♀️ ඇඟ මස්‌, නැටීම නළල ප්‍රදේශයේ සිදුවී නම් තමන් පදිංචි ස්‌ථානයේ දියුණුව මෙන්ම තම ව්‍යාපාර, රැකියා ආදියෙහි ලාභ ප්‍රයෝජන උසස්‌වීම් ආදියට හේතු වනවනවා.

🤷‍♀️ තොලෙහි මස්‌ නැටීමෙන් තමන් ලැබීමට අපේක්‌ෂා කරන ප්‍රියකරන, දේ ලැබීමෙන්, සතුටක්‌, ප්‍රීතියක්‌ හිමිවන බව හෙළිවෙයි.

🤷‍♀️ උඩු තොලෙහි සිදුවී නම් වාසනාව, භාග්‍ය අත ළඟම ඇති බව පැරණි ජෝතිශ්‍ය ග්‍රන්ථවල සඳහන්.

🤷‍♀️ ඇහි බැමෙහි නම් ස්‌ථානයෙහි නම් මංගල උත්සව, ප්‍රිය සම්භාෂණ වැනි උත්සවයන් ට සහභාගි වීමට අවස්‌ථාව ඉක්‌මනින් එළඹෙන බව කියාපයි.

🤷‍♀️ උරහිස්‌ ප්‍රදේශයේ මස්‌ නැටීමෙන් තමන් කරන ව්‍යාපාර ආදියේ දියුණුවත්, ධන ධාන්‍ය, භව භෝගයන්හි සාර්ථක ඵල නෙළා ගැනීමට අවස්‌ථා උදාවන බවත් සඳහන්.

🤷‍♀️ දෙඅත්හි මස්‌ නැටීම ධනලාභ, දේපළ, ඉඩකඩම් ලාභ ආදී ලාභ ප්‍රයෝජන අත්වීමත්, පිටකොන්දේ නම් තමන් යන එන ගමන් බිමන් හෝ කරන දේ වලින් ප්‍රතිඵල අත් නොවීමත් නඩු, රැකී රක්‌ෂා ආදී කටයුතුවලට සහභාගි වීමට සිටින අවස්‌ථාවකදී නම් එයින් තමාට පරාජය හිමිවිය හැකි බවත් කල්වේලා ඇතිව පෙන්නුම් කිරීමක්‌ බව දැක්වෙනවා.

🤷‍♀️ මස්‌ නැටීම වක්‌ෂස්‌ඵලයෙහි සිදුවීමෙන් තමන් අපේක්‌ෂිත සියලුම දෙයින් ජයග්‍රහණය අත්වීමත්.

🤷‍♀️ බඩ ප්‍රදේශයේ සිදුවී නම් සිතට සැනසුම, ප්‍රීතිය උදාකිරීමට හේතුවන දේ සිදුවන බවත් පෙන්නුම් කිරීමකි.

🤷‍♀️ ස්‌ත්‍රියක හෝ පුරුෂයකු ගේ යෝනියෙහි මස්‌ නැටීම සිදුවීම නම් දරුවෙක්‌ පිළිසිඳ ගැනීමට හේතුවන බව.

🤷‍♀️ හෘදය වස්‌තුවෙහි සිදුවීම ලෙඩ රෝග ආදී ශරීරයට අහිතකර සිදුවීම් ඇති විය හැකි බවත් පෙන්නුම් කරයි.

🤷‍♀️ පාදයක දනහිසෙහි මස්‌ නැටීම ස්‌වකීය ගමට හෝ ජීවත්වන ප්‍රදේශයෙහි පළාතෙහි සැලකිය යුතු තනතුරකට පත්වීම හෝ මිල මුදල් ආදිය ලැබීමෙන් සමාජයේ ප්‍රධානත්වයට පත්වීම බව පෙනේ.

🤷‍♀️ යටිපතුල්වල කැසීම ඇඟ මස්‌ නැටීමට සමාන යෑයි සලකන අතර එවෙනි දෙයක්‌ සිදුවීම තමන් බලාපොරොත්තු නොවූ දුර බැහැර ගමන් බිමන් යැමට හේතුවන බවත් ගමනේදී හෝ තම රැකීරක්‌ෂා ව්‍යාපාර ආදියෙන් පාඩු අලාභ සිදු විය හැකි බවත් කල්වේලා ඉඟි කරයි .  


                                                                                               Sponsored By Sarrita Jewellery

හිටිගමන් ඔයාගේ ඇඟේත් මස් නටනවා ද? එහෙනම් ඒකෙන් කියැවෙන්නේ මෙහෙම දෙයක්. | Secrets Hinted Predictions