දෙවන අදියරයේ අස්වැසුම අයදුම්පත් බාර ගන්නා අවසන් දිනය ගැන දැනුම්දීමක්..!

President of Sri lanka
By Sewvandhi Feb 15, 2024 11:45 AM GMT
Report

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පවසන්නේ, අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාරගැනීම අද (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවයි.

අස්වැසුම පළමු අදියර සඳහා අයදුම්පත් යොමු කර නොමැති පවුල්වලට මෙන්ම අයදුම්පත් ඉදිරිපත් කළ නමුත් නිවාස තොරතුරු සංගණනයට ලක් නොවූ ඕනෑම පුද්ගලයකුට දෙවැනි අදියර සඳහා අයදුම් කිරීමේ අවස්ථාව හිමිවන බව සඳහන් ය.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ, අස්වැසුම දෙවැනි අදියරේදී පවුල් ලක්ෂ 24කට ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂා කරන අතර එහිදී හැකිතාක් සත්‍ය හා නිවැරදි දත්ත ඇතුළත් අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කළ හැකි බවයි.

දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාරගැනීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා මෙම අදහස් පළ කළේය.