නංගිලා උඩින්ම දිනද්දි වෙනදා වගේම අයියලාට වුණේ පරදින්නයි..(PHOTOS)

Kandy Cricket Sri Lanka Cricket Indian Cricket Team Latest Headlines
By krishani Jul 28, 2024 06:11 PM GMT
Report

අද (28) සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පන්දුවාර 20 දෙවැනි තරගයේත් ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.

නංගිලා උඩින්ම දිනද්දි වෙනදා වගේම අයියලාට වුණේ පරදින්නයි..(PHOTOS) | Second Match 20 Overs Between Sri Lanka Vs India

ඒ කඩුළු 07කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් ය.

අද පැවති වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම පමා විය.

තරගයේ කාසිය වාසිය හිමිකරගත් ඉන්දියාව පළමුවෙන් රැකීම තෝරා ගනු ලැබීය.

නංගිලා උඩින්ම දිනද්දි වෙනදා වගේම අයියලාට වුණේ පරදින්නයි..(PHOTOS) | Second Match 20 Overs Between Sri Lanka Vs India

ඒ හේතුවෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 161ක් රැස් කිරීමට සමත් විය.

ඒ පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී යාමෙන් ය.

ඒ අනුව, පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක ලකුණු 32ක්ද, කුසල් පෙරේරා ලකුණු 54ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 10ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 26ක්ද, රැස් කිරීමට සමත් විය.

නංගිලා උඩින්ම දිනද්දි වෙනදා වගේම අයියලාට වුණේ පරදින්නයි..(PHOTOS) | Second Match 20 Overs Between Sri Lanka Vs India

පන්දු යැවීමේ දී Ravi Bishnoi කඩුළු 03ක්ද, Hardik Pandya, Arshdeep Singh සහ Axar Patel කඩුළු 02 බැගින්ද, දවා ගැනීමට සමත් විය.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 162ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දු තුනක් ක්‍රීඩා කරමින් සිටි අවස්ථාවේදී පිටියට ඇඳහැළුනු වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නවත්වා දැමීය.

යළිත් ආරම්භ වූ තරගය ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 06යි පන්දු 03කදී ලකුණු 81ක් ලබා ගනිමින් දෙවැනි තරගයේ ජය වාර්තා කරමින් තරග තුනකින් සමන්විත සමස්ත පන්දුවාර 20 තරගාවලියේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.

පන්දුවට පහරදීමේදී Yashasvi Jaiswal ලකුණු 30ක්ද, නායක Suryakumar Yadav ලකුණු 26ක්ද, Hardik Pandya නොදැවී ලකුණු 22ක්ද රැස් කර ගැනීමට සමත් විය.

නංගිලා උඩින්ම දිනද්දි වෙනදා වගේම අයියලාට වුණේ පරදින්නයි..(PHOTOS) | Second Match 20 Overs Between Sri Lanka Vs India

එමෙන්ම,පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ Maheesh Theekshana, Wanindu Hasaranga සහ Matheesha Pathirana එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත්, තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය එළඹෙන 30 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රාත්‍රී 07.00ට පැවැත්වීමට නියමිතයි.