සැහැල්ලු‍ වාහනවල පසුපස ආසනවලටත් ආසනපටි පැලදීම අද සිට අනිවාර්යයි

Highways In Sri Lanka Latest Headlines Sinhala news SriLanka - Puwath
By Shehan Aug 01, 2025 09:08 AM GMT
Report

අධිවේගී මාර්ගයන් හි ධාවනය වන සැහැල්ලු‍ වාහනවල පසුපස ආසනවල ගමන් ගන්නා පුද්ගලයින් ආසනපටි පැලදීම අද සිට අනිවාර්ය වනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ අද සිට ඒ සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ පරීක්ෂාවකට ලක්කරන බවයි.

ඒ සම්බන්ධයෙන් වන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද උදෑසන පෑලිගොඩ අධිවේගී පිවිසුම අසලදී පැවැත්වුණා.

මේ අතර එළැඹෙන සැප්තැම්බර් මස පළමුවනදා සිට අධිවේගී මාර්ගයන්හී ගමන්ගන්නා මගී බස්රථවල සියලු‍ මගීන් ද ආසනපටි පැළදීම අනිවාර්ය කිරීමට ජාතික ගමනානමන කොමිෂන් සභාව තීරණය කර ඇති බවටද වාර්තා පළ වනවා.