ග්‍රාම නිළධාරිවරයෙක් ජනතාවට පණුවන් ගැසූ සහල් බෙදලා..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani May 29, 2023 06:49 AM GMT
krishani

krishani

in ආහාර
Report

වවුනියාවේ - කූමාංකුලම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්ට බෙදා දීම සදහා ග්‍රාම නිලධාරිවරයාට නිකුත් කරන ලද සහල් කිලෝ 2600ක් මිනිස් ආහාරයට නුසුදුසු නිසා බෙදා දීම නවතා දමා ග්‍රාම නිලධාරිවරයාගේ සහල් ගබඩාවට ද සීල් තබා තිබෙන පුවතක් වාර්තා වේ.

මෙලෙස ග්‍රාම නිලධාරිවරයාගේ සහල් ගබඩාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සීල් තබා ඇත්තේ පසුගිය 27වැනි දා ය.

එහිදී ජනතාවට බෙදා දී ඇති සහල් තොග ද නැවත එකතු කර ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ග්‍රාම නිලධාරීවරයාට හා සමෘද්ධි නිලධාරීයාට උපදෙස් දී ඇත.

අදාල ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබෙන්නේ සහල් ලබා ගත් පිරිසක් ඒවා ආහාරයට ගත නොහැකි බවට පැමිණිලි කර තිබූ බැවින් ය.

ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. සිවරංජන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් එහි පරික්ෂා කිරිමට කටයුතු කර ඇත්තේ.

කෙසේවෙතත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඔවුන්ගේ නිර්දේශයන් වවුනියාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බා‍ර දී ඇත්තේ අදාළ කොන්ත්‍රාත්කරුට එරෙහිව නීති මගින් කටයුතු කිරීම සදහා ය.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පරීක්ෂණ පවත්වා ගෙන යයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join